රජයට තවත් මිලියන 5716ක් අහිමි වෙයි

Spread the love

දේශීය කර්මාන්ත සහ ව්‍යාපෘති ආදිය සඳහා බදු සහන යටතේ ගෙන්වන ලද වාහන වෙනුවට එම බදු සහන ලබා ගෙන වෙනත් ඩිෆෙන්ඩර් රථ නවීනතම සුපිරි කැබ් රථ ආදිය ලියාපදිංචි කිරීම නිසා රජයට රුපියල් මිලියන 5716ක බදු මුදලක් අහිමි වී ඇති බව වාර්තා වේ.

රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට මෙන්ම අනෙකුත් විශේෂ ව්‍යාපෘති මඟින් රට සංවර්ධනය කිරීමට ව්‍යාපෘති වාහන සඳහා මේ බදු සහන ලබා දී තිබූ අතර එ් බදු සහන උපයෝගී කරගෙන සිදු කරන ලද මේ මහා පරිමාණ වංචාව පිටුපස සිටින පිරිස සොයා ගැනීම පිණිස මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ මහා පරිමාණ වංචාව 2014 වසරේ සිදු කර ඇති බවට මේ වන විට වාර්තා ලැබී ඇති අතර ඒ සම්බන්ධව විගණාකාධිපතිවරයා විසින් 2014.04.07 දිනැති අංක FB/N/DMT/DEG/2013/14 යටතේ විගණන විමසුමක් එවා ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව යළිත් 2014.06.27 දිනැතිව FB/N/DMT/I/2014/06 අංක යටතේ විගණන විමසුමක් ද එවා ඇත.

රජයට අහිමිව ඇති මිලියන 5716ක් වු අතිවිශාල මුදල සම්බන්ධව මේ වන විට පරීක්ෂණ මෙහෙයවන අතර මේ සම්බන්ධව රේගුවේ යම් සම්බන්ධයක් තිබේද යන්න හෝ ඍජුවම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සිදුව ඇති වංචාවක්ද යන්න ගැන පරීක්ෂණ අරඹා ඇත.

RSL

Related Posts