සිදු වූ ජීවිත සහ දේපළ හානි වෙනුවෙන් වන්දි දෙන්න මුදල් ඇමතිගෙන් උපදෙස්

Spread the love

කොළොන්නාව, මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු මුදල් වහාම නිදහස් කරන ලෙස තමා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ස්වභාවික ආපදා ගණයට ගැනෙන මේ විපතින් ජීවිතක්ෂයට පත්වූවන්ට හා තුවාල ලැබූවන්ට නිවාස, දේපළ අහිමි වූවන්ට අවශ්‍ය රක්ෂණ වන්දි ලබාදීමට ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාරකාර මණ්ඩලයට තමා උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය සහන සැපයීම සම්බන්ධ මුදල් ප්‍රමාණවත් පරිදි සහ කිසිදු ප්‍රමාදයකින් තොරව මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ඇතැයි මුදල් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ජනපති, අගමැති උපදෙස් මත මහා භාණ්ඩාගාරයේ ලේකම්ට හා නිලධාරින්ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රමුඛ ජනාධිපති කාර්යාලයේ පිහිටි ආපදා කළමනාකරණ කමිටුවේ ඉල්ලීම් තුළින් එන වියදම් යෝජනා සියල්ලට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කරනු ඇත.

RSL

Related Posts