කලාපීය දේශපාලනය අමතක කරමින් කිසිදු රටකට ස්වකැමැත්තෙන් ගමනක් යාමට නොහැකි බව අපි මෙයට පෙර ද පවසා ඇත්තෙමු. ඒ පෝට් සිටි ව්‍යාපෘතිය නවතන්නෙමැ යි එදා පාරම් බෑ විපක්ෂය (අද ආණ්ඩුවටට) එය වඩා හොඳින් පවත්වාගෙන යන තැනට වැඩ කරන්නට සිද්ධ වීම නිසා ය. නව රජය පත්වීමෙන් පසු බටහිරට කිට්ටු පාලනයක් ගැන ඉඟි පලවුණ ද කලාපීය බලවතුන්ගෙන් මිදී එවැන්නකට යාම සිහිනයක් පමණක් බව දැන් පෙනෙන්නට තිබේ.
අගමැතිවරයා චීන සංචාරයකට පිටත් ව ගියේ ය. එහි දී පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා පැවැත්වෙන බව ආරංචි ය. එපමණක් නොව චීන රජය විසින් ලංකාවට යුවන් දශලක්ෂ 100ක ප්‍රදානයක් කරන්නට ද ඉදිරිපත්ව ඇත. අතිශය බරපතල ආර්ථික කඩාවැටීමක මුව විට සිටින ලංකාවට එය මද අස්වැසිල්ලක් වුව ද ඉන්දියාව මේ සංචාරය කෙරෙහි දක්වන ආකල්පය වටහා ගන්නට තවම කල් වැඩි ය.