මහ බැංකු බැඳුම්කර ටෙන්ඩර් මණ්‌ඩලය ඉවතට

Spread the love

මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පී. සමරසිරි මහතා ඇතුළු එහි සාමාජිකයන් සියලු දෙනා ඉවත් කර ඇත.මේ බව ඊයේ (29 දා) මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්‌ෂා කිරීමේ කොමිෂන් සභාව හමුවේ හෙළිදරව් වූ අතර, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඒ බව මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා පිsළිගත්තේය.

මේ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා විසින් පී. සමරසිරි මහතා ඇතුළු සියලුම ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන් වෙත දන්වා ඇත.

මේ අතර සහකාර අධිපති සී. ඡේ. පී. සිරිවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව ටෙන්ඩර් මණ්‌ඩලයක්‌ මහ බැංකු අධිපතිවරයා විසින් පත් කර ඇති අතර එම ටෙන්ඩර් මණ්‌ඩලය ප්‍රථම වරට ඊයේ හමු වී ඇත.

RSL

Related Posts