ඇතෙක් විදුලි රැහැනකට බිලි

Spread the love

තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් තිබෙනවා. මෙම ඇතාගේ වයස අවුරුදු 25ක් පමණ වන බවත් පසුගිය 02 වැනිදා අලුයම මෙම ඇතා ඝාතනය වී ඇති බවත් වනජීවී නිලධාරීන් පවසනවා. ලංකාව ලෝකයේ වැඩියෙන්ම අලි ඝාතන කරන රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබුණත් දෛනිකව සිදුවන මෙවැනි අලි ඝාතනවලට එරෙහිව තිරසර පියවරක් ගන්නා බවට පෙනී නොයන බවයි පරිසරවේදීන් කියන්නේ.

Related Posts