පලමු දිනයේදීම ශ්‍රි පාද වන්දනාවට විශාල පිරිසක්…!

Spread the love

2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය (26) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම සදහා දුම්රියෙන් විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණියහ.

එසේ පැමිණි වන්දනාකරුවන් අතර විදේශිය සංචාරකයන්ද විශාල පිරිසක් සිටි අතර , හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා එම වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් ලංගම බස් රථ ධාවනයට එක් කර තිබුණි.

හැටන් දුම්රිය ස්ථානය වෙත මගි ප්‍රවාහන දුම්රියන් පැමිණෙන සෑම අවස්තාවකම හැටන් ලංගම ඩිපෝව මගින් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක්ම වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිම සදහා බස් රථ එක් කර ඇති බවයි හැටන් ලංගම ඩිපෝවේ කලමණාකාරවරයා කියා සිටියේ.

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සියළුම පහසුකම් හැටන් දුම්රිය ස්ථානය මගින් සලසා ඇත.

– රංජිත් රාජපක්ෂ

Related Posts