ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ගාස්තු අඩුකිරීමෙන් ගුවන් සේවය මැරෙනවාද..?

Spread the love

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවා අංශ මෙහෙයුම් ගාස්තු සියයට 25 කින් අවම කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 175ක මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසයි.

අද(02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය මේ බව පෙවා දුන්නේය.

විදේශිය ගුවන්යානා සඳහා භූමි මෙහෙයුම් ගාස්තු 25% කින් පහත දමන්න අගමැති ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාග පාලනය කරන නියෝජිතයින් නියෝග කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය සභාපති ජනක විජයපතිරත්න මහතා සඳහන් කළේය.

සමාගමේ ලාභදායි ප්‍රධානම අංශය ගුවන්තොටුපල සේවා අංශය බවත් එය වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක ලාභයක් ලබන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සභාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ රජය විසින් උත්සාහය දරන්නේ පැහැදිලිවම ගුවන්සමාගම මරණයට පත්ක කිරීමට බවයි.

ශ්‍රී ලංකන් යානයක් ඩුබායිවලදී සේවා ලබාගැනීම සඳහා පැයකට ඩොලර් 4900 ක් ගෙවන බවත් එමිරේට්ස් යානයක් මෙරටදී සේවා ලබාගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඩොලර් 4000ක් අයකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය සභාපති ජනක විජයපතිරත්න මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවා අංශ මෙහෙයුම් ගාස්තු සියයට 25 කින් අවම කිරීමේ රජය ගත් තීන්දුව හේතුවෙන් ඩොලර් 3000කින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආදායම පහළ බහින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය සභාපති ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts