සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට…

Spread the love

දිනය 2017-05-19

මාගේ පුතුගේ හදිසි අසනීප තත්වයක් නිසා මට ඉක්මනින්ම ලගා විය හැකි රෝහල වූ ARYA රෝහල වෙත මගේ දරුවා රැගෙන ගියෙමි. මා කිසි දිනක මුණනොගැසුණු තරුණ වෛද්‍ය වරයෙකු මගේ දරුවා හොදින් පරීක්ෂා කර බලා රත්නපුර මහ රෝහල වෙත රැගෙන යන ලෙස උපදෙස් දෙන ලදී .

එසැනින් ඔහු ආයතනයේ නිලධාරිනියකට කියා සිටියේ මගෙන් ලබාගත් මුදල් නැවත බාරදෙන ලෙසය මට පුදුම සිතුනි. ඔහුට එසේ කිරීමේ අවශ්‍යතාවක් නොතිබුන අතර ඔහු එතරම්ම කාරුණික විය. මා විසින් එක්වරක් මුදල් ලබාගැනීම ප්‍රතික්ෂෙප කලනමුත් නැවත මා වෙත මුදල් ලබා දෙන ලදී.

ඉන් පසුව ම රත්නපුර මහ රෝහල වෙත මගේ දරුවා රැගෙන ගිය අතර දරුවා රෝහල් ගත කිරීමේ සුදානමක් නොතිබූ බැවින් (උදේ 3.30 පමණ ) මවිසින් අවශ්‍ය ඇදුම් රැගෙන නොගියෙමි ඉතාමත් කාරුණික වූ හෙදියක් අවශය රෙදි කැබලි කීපයක් මට ලබාදුන් අතර වෛද්‍යවරියක් විසින් ඉතා උනන්දුවෙන් මගේ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී 14 වාට්ටුව වෙත යොමු කරන ලදී.

14 වාට්ටුව වෙත මා දරුවා රැගෙන ගිය සැනින් එහි සිටි වෛද්‍ය වරයෙකු වෙත යොමු කරන ලදී ඔහු විසින් පළමුව දරුවා පරීක්ෂා කරන ලද අතර උපදෙස් ගොන්නක්ද මට ලබා දෙන ලදී ( අප විසින් කරනු ලබන අත්වැරදීම් සම්බන්දව) ඉන්පසු පැයක් පමණ කාලයක් ඇතුලත් තවත් වෛද්‍ය වරුන් දෙදෙනෙකු මගේ දරුවා පරීක්ෂා කරන ලද අතර වරින් වර හෙදියන් විසින්ද අවශ්‍ය SAMPLE ලබා ගැනීම සිදු කරන ලදී.

මෙම සිදුවීම් අතරතුර මන් දන්නා වෛද්‍ය වරුන් කිහිප දෙනෙකුටම SMS මගින් දරුවා රෝහල් ගත කර අතර බව දන්වා සිටි අතර දුරකථන ඇමතුමක් නොගත්තේ තවමත් උදය 5 පසු වි නොතිබුණු බැවිනි.

උදය 6 පසු වුවා පමණි පළමු දුරකථන ඇමතුම වෛද්‍ය සෙන්සිරි හේමචන්ද්‍ර ගෙනි මගෙන් දරුවා ගැන විස්තර ලබාගත් ඔහු මව අස්වසන ලද අතර සිදුකල යුතු දේවල් පිලිබදව දැනුවත් කිරීමක්ද කිරීමට අමතක නොකළේය ඔහුට මගේ දැරුවාද ඔහුගේ මෙන් සිතෙන්නට ඇත . ඉන්පසු ලෙස්ලි , මනෝජ් ආදී වෛද්‍ය මිතුරන් වරින් වර මට කතා කරන ලද අතර සැමවිටම ඔවුන් මට දුරකතනයෙන් අස්වැසිල්ලක් විය.

මේ අතර එක් වෛද්‍ය වරයෙකුගේ දුරකථන ඇමතුමකින් මට කියන ලද්දේ “මචo මන් ward එකේ ඉන්නේ මගේ ලෙඩ්ඩු ටික බලලා ඔයාගේ පුතාව බලන්නම් ” මා කල්පනා කලේ වෛද්‍ය වරුන් කොතරම් තම සේවයට කැපවී ඇත්ද යන්නය.

14 වාට්ටුවේ වෛද්‍ය වරුන් සහ හෙදියන් විශිෂ්ඨ මිනිසුන්ය. මා ඔවුන් පෞද්ගලිකව හදුනන්නේ නැත නමුත් සේවාවේ වෙනසක් නැත.

උදෙන්ම මගේ බිරිඳ රෝහල වෙත පැමිණි අතර ළමා වාට්ටුවක් බැවින් මට දරුවා ඇයට බාර දී 7 ට පමණ රෝහලෙන් ඉවත් වූ අතර විශේෂඥ වෛද්‍ය වරයා පැමින මගේ දරුවා පරීක්ෂා කර තුබූ අතර මගේ බිරිඳ ගේ අත්දැකීම මා හා සමානම විය.

අඩුපාඩු විය ඔවුන් ගේ නොව, වාට්ටුවේ ප්‍රමාණවත් ඇදන් නැත සමහර බෙහෙත් වර්ග නැත. එක ඇදෙ ළමුන් දෙදෙනෙකි.නමුත් සේවය නම් විශිෂ්ඨය. අවසානයේ මට කියන්නට ඇත්තේ එදින මට හමුවූ සියලුම වෛද්‍ය වරුන් සහ හෙදියන් විශිෂ්ඨ මිනිසුන්ය යන්නය. තවද මෙවන් විශිෂ්ඨයන් අහම්බෙන් බිහි වන්නේ නැති බවය.

මෙම සත්‍යයේ සටහන වෙත යොමුවීමට මේ මත ඔබන්න.
-සුරංග විජේරත්න-

RSL

Related Posts