හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා – විනිසුරු ඉලංචේලියන්

Spread the love

තමන්ට පුතුන් දෙදෙනෙකු සිටින බවත් අද සිට තමන්ට දරුවන් හතරදෙනෙක්ම සිටින බවත් අනෙක් දරුදෙදෙනා හේමචන්ද්‍රගේ දුව සහ පුතා බවත් අද සිට තමන්ගේ මරණය දක්වාම මේ දරුදෙදෙනාගේත් අධ්‍යාපනය සහ අනාගතය තමන් බාර ගන්නා බවත් යාපනය මහා අධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ යාපනයේ නල්ලූර්හිදි වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගිය 22 දා මිය ගිය උප පොලිස් පරීක්ෂක (හිටපු සැරයන්) සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු වලට සහභාගී වෙමිනි.

ඔහුගේ අවසන් කටයුතු විශාල ජන සහභාගීත්වයෙන් ඊයේ හලාවත කුමාරකට්ටුවේදී සිද කරන ලදී.

එහිදී අදහස් දැක් වූ යාපනය මහඅධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මේ දරුවන් දෙදෙනා මගේම දරුවන් සේ සලකා බලා ගන්නා අතර මෙම දියණියගේ අධ්‍යාපනයට සේම අනාගතයේදී ඇගේ විවාහය අවශ්‍ය මුදල් පවා තමන් දෙන බවය.

මහාධිකරණ එම්.ඉලංචේලියන් මහතා උතුරු ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ අතිශයට ගෞරවාචාරයට පත් විනිසුරුවරයකු වන අතර ජාති බේදය මනැසින් සෝදා හළ උතුම් ගණයේ මිනිසකු බවද පොදු පිළිගැනිමකි.

පසුගිය එල්ටීටී යුද සමයේ පවා විනිසුරු වරයාගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍රගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ හමුවූ මහාධිකරණ විනිසුරුවරයා ඇය ඉදිරියේ වැඳ වැටී ඇයට ආචාර කොට හඬා වැළපෙන දර්ශනය ජාති බේදයකින් තොරව කාගේත් දෙනෙත් වල කඳුළු ඉපිදවීමට සමත් විය.

RSL

Related Posts