විජේදාස රාජපක්ෂ ගැන තීරණය අගමැති අතේ

Spread the love

අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පැවැති චෝදනා මුල් කොට ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේ හිමිකම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවැරීමට අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

පක්ෂයේ විනය ආරක්ෂා කරමින් පක්ෂය තුළ සමගිය තව දුරටත් ස්ථාපිත කිරීම පිණිස කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගත් බව එහි සාමාජිකයෙක් කීය.

මෙම රැස්වීමේදී ඇවන්ගාඩ් සිද්ධිය සහ දූෂණ වංචා නඩු යටපත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා වෙත දැඩි විවේචන එල්ල වූ අතර රැස්වීම අවසන් වූ පසු අග්‍රාමාත්‍ය වරයා විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික සාකච්ඡාවක් සඳහා කැඳවා ගන්නා ලදී.

එහිදී අමාත්‍ය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ලබන සදුදා(21) රැස්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ ප්‍රකාශ කරන බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසීය.

RSL

Related Posts