මාධ්‍යවේදිනියගේ ඝාතනයේ සැකකරුට මරණ දඩුවම

Spread the love

2014 පෙබරවාරි 2වන දින මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර මෙනවිය( 40 හැවිරිදි) ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටි තරුණයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා.

දොම්පේ පදිංචි ඇන්තනී ජෝර්ජ් නමැත්තාට විරුද්ධව අධි චෝදනා තුනක් නීතිපතිතුමා විසින් ගොනුකර තිබුණා.

බත්තරමුල්ල ප්‍රදේශයේ සොරකමකට නිවසකට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වී තිබුණේ.

නඩුව අද විභාගයට ගැනුණේ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ.

නිවසට අයුතු ලෙස ඇතුළුවීම යන චෝදනාවට හා ගෙදර කොල්ලකෑම හා මරණය සිදුකළ හැකි ආයුධ භාවිත කිරීම යන චෝදනා දෙකක වසර 30ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රුපියල් 30,000ක දඩයක් ද නියම කෙරුණා.

සැකකරු මීට පෙර ගුණසේකර මෙනෙවියගේ නිවස පින්තාරු කිරීමට පැමිණි අයෙකු බව අසල නිවසක පටිගතවූ සීසීටීවී කැමරා දර්ශණ සහ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

RSL

Related Posts