
‘වැල්දොඩම්‘ වගාව නැතහොත් ‘පැෂන් පෘෘට්‘ වගාව ව්‍යාපාරික වගාවක් වගේම ගෙවතු වගාවක් ලෙසත් ලංකාවේ බහුලව සිදුවෙනවා. ඒත් වැල්දොඩම් වගාකරන බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් තමයි මල් හැදුනට වැල්දොඩම් වැලේ ගෙඩි නොහැදීම. මේ නිසා වගාකරුවන් වගේම ගෙවත්තේ වැලක් දෙකක් වවා ගන්නා පිරිසත් අධෛර්යයට පත් වෙනවා.
එහෙත් මේ ගැටලුවට නිසි, විද්‍යාත්මක පිළියමක් තිබෙනවා. වැල්දොඩම් වැලේ මල් පමණක් දැක දැක කණස්සල්ලට පත්ව සිටින ඔබට ගෙඩිවලින් බර වුණ සාර්ථක වැල්දොඩම් වගාවක් හිමිකර ගැනීම අවශ්‍ය තාක්ෂණික උපදෙස් පහත පළ වෙනවා.
මේ තාක්ෂික උපදෙස් ලබාදීම සිදුකරන්නේ, හොරණ, කනන්විල පිහිටි ‘පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) අයි. කළුබෝවිල මහතා විසින්.


