මන්ත‍්‍රීවරුන්ට එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම WHO නිර්දේශවලට පටහැනියි

Spread the love

මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍ බවත් දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙළටද පටහැනි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (16) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා,

මාත්‍රා ඉතිරිය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීම ඉතා හොද දෙයක්. වැඩිපුර මාත්‍රාවක් ගැනීම සදහා එන්නත් සමාගමේ අවසර ගැනීමට යෝජනා කරන අය තැරව්කරුවන් විය හැකියි.

කොවිෂීල්ඩ් කෝකටත් තෛලය ලෙස භාවිතා කිරීමට ගොස් රට විශාල අපහසුතාවයකට ලක් විය හැකියි.  ️මේවන විටත් ආනයනය කර ඇත්තේ එන්නත් ලක්ෂ පහක් පමණයි. එයින් 190,000 පමණ ප්‍රමාණයක් ලබා දී අවසන්. එක් පුද්ගලයෙකු සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බැවින්, ඉතිරිව ඇති ඉන්නත් මාත්‍රා ප්‍රමාණය හැට දහසකට අඩුයි.  ️

මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍. ජනතාව සමඟ අනිවාර්ය සේවය සිදුකල යුතු ජනමාධ්‍යවේදීන්, ගුරුවරුන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පැවතියදී, දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙලටද පටහැනියි.

වෛද්‍ය පර්යේෂණ ආයතනය ජාතික රසායනාගාරයක කාර්‍ය මගහැරලා. වෛද්‍ය පරීක්ෂණ සදහා නිසි නායකත්වයක් ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාතික වශයෙන් පර්යේෂණ කිරීමේ වුවමනාවක් නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පමණක් තනිවම ජාතික තලයේ පර්යේෂණ කරගන්න හැකියාවක් නෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයට බැරිනම් ඒකට “පර්යේෂණ ආයතනය” කියන එක නවත්වන්න.  ️ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව හෝ ජාතියට අවශ්‍ය පර්යේෂණ කිරීමේ සහයෝගයට දිවයින පුරා විසිරී ඇති රසායනාගාර වලට අවස්ථාව සලසන්න.

️ප්‍රභේද හඳුනා ගැනීමේ ජාතික වැඩ පිළිවෙලක් නැති වීම වසංගතයේ නරකම නරකම දිශාවකට ගෙනයනවා. එංගලන්ත ප්‍රභේදය දිස්ත්‍රික් හතරක පමණක් තිබෙන බව පැවසීම වැරදියි. එංගලන්ත ප්‍රභේධයට අමතර ඒවා ගැන තවම අපි කිසිදු පර්‍යේෂණයක් කරලා නැහැ.

පරීක්ෂණ ප්‍රමාදය ගැන රසායනාගාර වලට දොස් කීම රසායනාගාර පිට පැටවීම වැරදියි රසායනාගාර තුළ 24 කට වඩා පරීක්ෂණයක් රසායනාගාරය තුළ තබා ගන්නේ නැහැ වාර්තා නිකුත් කිරීමේ දී මහජනතාවට ලබා දීමේදී අනවශ්‍ය අතරමැදියන් ප්‍රමාණයක් වාර්තාවන් පිළුණු කරනවා. පූර්ව සහ පශ්චාත් රසායනාගාර අවධිය තුළ වාර්තා ප්‍රමාදයට සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර කළමනාකරණය බලෙන් අත්පත් කරගෙන සිටින කණ්ඩායමත් වගකිව යුතුයි

RSL

Related Posts