පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පිල

Spread the love


බහමාස් හී මේ මස 19 සිට 23 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28ක් තෝරා ගැනෙති. වයස අවුරුදු 14 හා 18 අතර ක්‍රීඩකයන් 20ක් හා ක්‍රීඩිකාවන් 8ක් මේ කණ්ඩායමට ඇතුළත් වෙති. මලල ක්‍රීඩා, සත් සාමාජික රගර්, බොක්සිං, ජූඩෝ, පිහිනුම් හා ටෙනිස් යන ක්‍රීඩා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නියෝජනය කරති.

මලල ක්‍රීඩා ඉසව්වවලට ප්‍රමෝද් මධුභාෂන, නවෝද්‍යා සංඛපාල, ෂෙෂාන් දිලූෂ කාරියවසම්, කවිඳු තත්සරණී, සචිනි දෙව්‍යාංජලී, හා සඳුනී බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන අතර පිහිනුම් ඉසව්වලට අකලංක පීරිස්, කයිල් අබේසිංහ, අවන්තී දෙව්මිණී, හා විනෝලී කලුආරච්චි සහභාගී වෙති. බොක්සිං ඉසව් සඳහා කවින්ද සංජය බණ්ඩාර හා මධුමාලී එරංගා ප්‍රියදර්ශනී, ජූඩෝ තරගවලට සූර්යා තුෂාර හා හෆ්සා යාමිනා හා ටෙනිස් තරගවලට විභූද ඉන්දීප විජේබණ්ඩාර හා අනීතා සෙනවිරත්න සහභාගී වෙති. සත් සාමාජික රගර් පිලට දුලාංජ පියතිස්ස, ක්‍රිස්ටියන් ෆෙඩ්රික්, චේතිය කුමාරසිංහ, ඉෂාර ලියනගේ, ජොනතන් වීරකෝන්, සබීර් ඉක්බාල්, නදීෂ විතානගේ, නවීන්ද්‍ර රාජරත්නම්, රවීන් ප්‍රනාන්දු, තරිඳ ද අල්විස්, තුවාන් සබීර් සාබර් හා විශ්ව රණරාජ් එක්ව සිටිති.

RSL

Related Posts