පිටස්තර පුද්ගලයින්ට ශිෂ්‍යත්ව විභාග දින පාසැලට ඇතුලුවීම තහනම්

Spread the love

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයේදී එම විභාග මධ්‍යස්‌ථාන ලෙස පැවැත්වෙන පාසල්වල විදුහල්පති කාර්යාලයද වසා තබන ලෙස විභාග දෙපාර්තමේන්තුව අදාළ පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.අදාළ පාසලේ ගුරුවරුන්ට අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට හෝ අවසර නොමැති කිසිදු පුද්ගලයකුට විභාග මධ්‍යස්‌ථානයට ඇතුළුවීම සපුරා තහනම් කර තිබේ. එමෙන්ම ශාලාධිපතිවරුන්ට හැර විභාග කාර්ය මණ්‌ඩලයේ කිසිදු සාමාජිකයකුට විභාග මධ්‍යස්‌ථානයේදී ජංගම දුරකථන පාවිච්චිය ද සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත.

විභාගය අවසන් වූ පසුවද ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක්‌ හෙයින් එම ප්‍රශ්න පත්‍රය ළඟ තබා ගැනීම, පිටපත් කිරීම නීතිවිරෝධී වන අතර එවැන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ මූලස්‌ථානයට දන්වා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්‌ථාන 3014 කදී ලබන ඉරිදා (20 වැනිදා) පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 356728 දෙනෙක්‌ පෙනී සිටිති.

RSL

Related Posts