පෑන්ඒෂියා ප්‍රාථමික අලෙවිකරණ කටයුතු හය මසකට අත්හිටුවයි

Spread the love

පෑන්ඒෂියා බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කරන ව්‍යාපාරික කටයුතු මාස හයක කාල සීමාවක්‌ සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කර ඇත.

මෙම ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම, පෙරේදා (15 දා) උදේ 10.00 සිට මාස හයක කාලයක්‌ සඳහා බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම නියාමන ක්‍රියාමාර්ගය ගැන කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද කියයි.

ලියාපදිංචි ස්‌කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්‌ඩාගාර බිල්පත් ආඥපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, අගෝස්‌තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් මේ තීරණය ගෙන ඇත.

පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සමග සිදු කරන ලද ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනයන් මත පදනම්ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත.

තවද, ඉහත නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් 1988 අංක 30 දරණ බැංකු පනතේ ෂෂ වන උප ලේඛනයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක්‌ වශයෙන් පෑන් ඒaෂියා බැංකුව විසින් සිදු කරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක්‌ ඇති නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. ඒ අනුව බැංකු පනතේ ෂෂ වන උප ලේඛනයේ විධිවිධානයන්ට අනුකූලව පෑන්ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් වෙළෙඳපළේ තවදුරටත් ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ඇත. එසේම, රජයේ සුරැකුම්පත් වෙළෙඳපළෙහි පෑන් ඒෂියා බැංකු ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිසි පරිදි ගනු ලැබේ.

මෙම නියාමන ක්‍රියාමාර්ග මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන්ඒෂියා බැංකුවට සහභාගි වීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන්ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක්‌ ඇති නොවේ.

-දිවයින-

RSL

Related Posts