උසස් පෙළ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Spread the love

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලු පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන මස 2 වන දින දක්වා එම තහනම බල පැවැත්වෙන බව ය.

මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම ද සපුරා තහනම් වනු ඇති.

යම් ආයතනයක් හෝ අයෙක් එම නියෝග නොතකා ක්‍රියා කළ හොත් එම තැනැත්තා හෝ ආයතනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

RSL

Related Posts