ඉල්ලීම්වලට විසඳුම් නැතහොත් නොදන්වාම සිකුරාදා සිට වැඩ වර්ජනයකට

Spread the love

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා රජය වෙත යොමු කර ඇති වාර්තාවට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා සිකුරාදා (14) මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම වෙලාවක දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යොමුවීමට සූදානම් බව ඛනිජ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සම්ඟ මේ සම්බන්ධයෙන් පසුගිය 07 වැනිදා කළ සාකච්චාවේදී රටේ පවතින ඩෙංගු තත්වය සලකා බලා මෙම ගැටලුවෙන් විසධුමක් ලබාදීමට කෙටි කාලයක් අවස්ය බවට අමාත්‍යවරයා කළ ඉල්ලීම සලකා බලා වර්ජනය දියත් කිරීම අත්හිටවූ බවත් සිකුරාදා (14) දිනද එයට නිසි විසඳුම් නොලැබුනොත් මෙලෙස වැඩවර්ජනය ඇරඹිමට කටයුතු සූදානම් බවත් හෙතෙම සඳහන් කලේය.

චීන වරාය තෙල් ටැංකි 90 ඉන්දීය තෙල් සමාගමට( I.O.C) පවරා දීම පිළිබඳ විරෝධය පලකිරීම, අබලන් තත්වයේ පවතින තෙල් පිරිපහදුව නවීකරණය කඩිනම් කිරීම, හම්බන්තොට තෙල් බෙදාහැරීමෙ පහසුකම් තෙල් සංස්ථාව යටතට ලබා ගැනීම යන කරුනු තුන මුල් කරගනිමින් වෘත්තීය සමිති හයක් එක්ව පසුගිය අප්‍රේල් 24 වැනිදා වැඩවර්ජනයක් දියත් කල අතර ජනාධිපති හා අගැමති වරයාගෙ ලිඛිත පොරොන්දූවක් මත වර්ජනය නතර කෙරිණි.

කෙසේ වුවද නිසි විසඳුමක් රජය විසින් මෙතෙක් ලබාදී නොතිබුණ අතර විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලීම් යෝජනාවලිය විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර සාකච්චා කළද ලිඛිත එකඟතා බිඳ දමමින් තවදුරටත් සාකච්චා ඉසිදු කෙරේ නම් හෝ විසඳුම් ලබාදීම මඟහරී නම් ඒ පිළිබඳව තවදුරටත් සාකච්චා කළ නොහැකි බවද රාජකරුණා මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මේ වනවිට බලා සිටි කාලය හොඳටම ඉක්මවා ගොස් ඇති බැවින් වැඩවර්ජනය දියත් කළහොත් මහජනතාව ඇතුළු අනෙකුත් සියළු දෙනා හට සිදුවන අපහසුතා බලපෑම් පිළිබඳව සියළු වගකීම් රජය විසින් භාරගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

RSL

Related Posts