ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එම විශේෂාංග දෙක පහතින්.
* වාහන නොවන අවශ්‍යතා සඳහා QR – ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව. ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් කඩිනමින් දැනුම් දෙනු ඇති.
* ගනුදෙනුව අවසන් වූ පසු ලැබෙන SMS පණිවිඩයේ පිරවුම් හලේ කේත අංකය – ඉන්ධන ලබාගත් පසු පාරිභෝගිකයාට ලැබෙන කෙටි පණිවුඩයේ පිරවුම්හල් කේතය අන්තර්ගත කර ඇත.