විදේශ රටවල පැවැත්වෙන රාජ්‍ය සමුළු සඳහා සහභාගි වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම සමුළු අවසන් වීමෙන් පසු තවත් දින ගණනක් එම රටවල රැඳී සිටීම පාලනය කිරීම සඳහා වැඩපිළිළෙක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ විදේශ සංචාර යම් පාලනයකට ලක් කළ යුතු බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එකම නිලධාරියා සෑම වසරකම විදේශ ගතවීම වෙනුවට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පෙරේදා (17 වැනිදා) සවස අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.