ලොකු ලූනු මිල මට්ටු කරන්න ලොකු වැඩක් අරඹයි..!

Spread the love

යල කන්නයේදී වැඩි  අස්වැන්නක් ලබා ගැනීම සඳහා දඹුල්ලේ ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75000ක් නුවරඑළියේ දී  වසන්තීකරණයට ලක් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

බීජ හෝ පැළ අඩු උෂ්ණත්ව වලට භාජනය කිරීමෙන් පුෂ්ප හට ගැනීම උත්තේජනය කිරීම  වසන්තීකරණය ලෙස හඳුන්වයි.

මෙම ක්‍රියාවලිය මගින් හොඳ තත්ත්වයේ ලොකු ලූනු  බීජ කිලෝග්‍රෑම් 75,00ක් ලබා ගැනීමට අපේක්ෂිත බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

වසන්තීකරණ ක්‍රියාවලිය යටතේ බීජ සිටුවීමට පෙර සති තුනක් සෙන්ටිග්‍රේට් අංශක 10-15 පමණ සිසිල්  උෂ්ණත්වයක්  යටතේ ලූනු  බල්බ ගබඩා කර තැබිය යුතුය.

ලොකු ලූනු බල්බ වලින් වැඩි මල් ප්‍රමාණයක් හට ගන්වා ගැනීම සඳහා මෙම වසන්තීකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස නිෂ්පාදනය කරන ලොකු ලූණු බීජ මගින් 2024 යල කන්නයේ දී හෙක්ටයාර් 2500ක ලොකු ලූනු වගා කිරීමට සැලසුම් කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2023 යල කන්නයේ දී හෙක්ටයාර් 3500ක ලොකු ලූනු වගා කර තිබුනත් අස්වනු නෙලීමට පෙර එම වගා වැස්සට හසුවීම නිසා නිසි පරිදි අස්වනු  ගැනීමට නොහැකි වූ බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  කියයි

Related Posts