IOC පෙට්‍රල් නෑ..සිපෙට්කෝ ඔක්ටේන් 95 පමණයි..මිනිස්සු පිරවුම්හලේ රැය පහන් කරයි

Spread the love

පෙට්‍රල් හිඟය හේතුවෙන් මේවනවිට රට පුරා වාහන හිමියන් දැඩි අර්බුධයකට මුහුණදී සිටිනවා.

ඒ සම්බන්ධයෙන් අප වාර්තාකරුවන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කරන ලද විමසා බැලීමේදී හෙළිවූයේ බොහෝ IOC තෙල් පිරවුම්හල්වල පෙට්‍රල් නිකුතුව නවතා ඇති බවයි.

සිපෙට්කෝ පිරවුහල්වලට ඔක්ටේන් 95 ඉන්ධන රැගත් බවුසර් පමණක් මේ වනවිට ලැබෙමින් පවතිනවා.

මේ අතර ඊයේ රාත්‍රී සිට පිරවුහල් අසළ වාහන නවතා ඇතැමුන් තෙල් ගෙනෙනතුරු නිදා සිටින ආකාරයයි දක්නට ලැබුණේ.

Related Posts