EPF අරමුදලෙන් 25 %ක බදු අය කිරීමට විපක්ෂය විරුද්ධයි

Spread the love

සේවක අර්ථසාධක අරමුදලේ ආදායමට 25% ක අධිභාර බදු ගහන්න මේ රජය පෙර නොවූ විරූ අයුරින් කටයුතු කරමින් තිබෙනවා. අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීමක් මෙයට පෙර ලංකා ඉතිහාසයේ කිසීදා සිදු වී නොමැත. .පී.එෆ් අරමුදලෙන් 25 %  බදු අය කිරීමට විපක්ෂය විරුද්ධ සම්පූර්ණ විරුද්ධ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අද (09) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

මෙහිදී වැඩි දුරටත් කතා කළ වික්‍රමරත්න මහතා ;

ලක්ෂ 18 ක් පමණ සේවකයන් තම විශ්‍රාමයෙන් පසුව පවුලේ අවශ්‍යතාවයක් සහ බොහෝ දුරට ආයෝජනය කරන්නේ ඔවුන්ට ලැබෙන මේ විශ්‍රාම පාරිතෝෂිත මුදලයි. මෙම මුදල් බැංකු ගිණුමක තැන්පත් කර එකී පොලියෙන් සේවකයන් විශ්‍රාම ජීවිතය ගත කරන්න මෙම මුදල ප්‍රයෝජනවත් වෙනවා. යහපාලන රජය මේ ගැන හිතලා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ගිණුමේ මුදලට 15 % ක උපරිම පොලී ගෙවන්න තීරණයක් ගත්තේ රට වෙනුවෙන් සේවය කළ අයට සහනයක් ලබා දීමේ අරමුණින්ය.

සේවක අර්ථසාධක මුදල මෙසේ බදුවලට යටත් කිරීමට විපක්ෂය විරෝධය පළ කරනවා. මේ රජය රටේ නැති ප්‍රශ්න මතු කරන ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. බැඳුම්කර ප්‍රශ්නයක් තිබෙන බව මැතිවරණ සමයේ රටේ ප්‍රචාරයක් ගෙන ගියා.ජනාධිපති කොමිසමක් ද ඒ සඳහා පත් කළා. බැඳුම්කර ප්‍රශ්ණය ගැන 2002 සිට සෙවිය යුතු යැයි ජනාධිපති බැඳුම්කර කොමිසම නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණයක් අනුව වෝහාරික විගණන වාර්තාවක් කැඳවන්න තීරණය කළා.ජාත්‍යන්තර විශේෂඥවරුන් ලවා මෙම වෝහාරික විගණනය පැවත්වීමට ද කටයුතු කරන ලදී.වාර්තාවල් 5 කින් යුත් මෙම වෝහාරික වාර්තාව වසර දෙකකින් පසුව 2009 නොවැම්බර් මස 07 – 09 වනදා අතර 2019 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර නිකුත් කර්න ලදී. මෙම වාර්තා නිකුත් කර සතියකින් අළුත් ජනාධිපතිවරයෙක් පත් වූ නිසා යහපාලන රජයට මෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

අළුත් ජනාධිපතිවරයෙක් පත්වෙලා වසර දෙකක් ගත වී ඇත. එහෙත් ඔහු මෙම වෝහාරික වාර්තාවට කළ දෙයක් නැත. එකී නිර්දේශ මත චූදිතයන්ට එරෙහි පරීක්ෂණ ආරම්භ කළේ නැත.මේ රජය මේ වාර්තාව යට ගහලා තිබෙන්නේ.

අර්ථසාධක අරමුදල පිළිබඳව ප්‍රවේශමෙන් සොයා බලා එය ආරක්ෂා කර ගත යුතු යැයි එම වාර්තාවල සඳහන් කර තිබෙනවා. අර්ථ සාධක අරමුදල් බැඳුමකරවල සහ කොටස් වෙළඳපොලේ ආයෝජන කළ ආකාරය ගැන දෙවන වෙළුම් වාර්තාවේ පැහැදිලි කර තිබෙනවා.රුපියල් බිලියන 46.95 අර්තසාධක අරමුදල් යොදාගෙන සිදු කරන ලද ආයෝජන 142 කින් ආයෝජන 98 ක් සඳහා පූර්ව අනුමැතිය ලබා ගෙන නොමැති බව චෝදනා කර තිබෙනවා. මෙවන් ආයෝජන අනුමැතියට කොමිටියක් ඇතත් එම කමිටුවේ අනුමැතිය ලබා නොගෙන මෙසේ ආයෝජන කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

මහ බැංකුව විසින් කරනු ලබන ගනු දෙනු පිළිබඳ සියළු සාකච්ඡා පටි ගත කරනු ලබනවා.. මෙම අර්තසාධක මුදල් ආයෝජනයට අදාළ පටිගත කිරීම් 1163 ක් වෝහාරික විගණන පරීක්ෂකවරුන් විසිස් ඉල්ලා සිටිය ද ලබා දී ඇත්තේ වාර්තා 265 ක් පමණි. අර්ථ සාධක ගනු දෙනු සොරකම් පිළිබඳ කරුණු යට ගහන්න කටයුතු කර ඇති ආකාරය මෙයින්ම ඔප්පු ඔප්පු වන බව ඉරාන් විකරමරත්න මහතා පෙන්වා දුන්නේය.

තවද සාමන්‍ය වෙළඳපොල අගයට වඩා අර්ථ සාධක ආයෝජනවලට ලබා දී ඇත්තේද  අඩු පොළි ප්‍රමාණයකි.කොටස් වෙළඳපොලේ නැති සමාගම්වල ද මේ මුදල් ආයෝජනය කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට රු මිලියන 500 ක් ලබා දී තිබෙනවා. සේවකයන්ගේ මුදල් අදාළ ආයෝජන කමිටුවේ අනුමැතියටත් පෙර 2010 දී මෙම ආයෝජනය සිදු කර ඇති අතර  ඒවායේ ප්‍රතිලාභයක් ද ලැබී නැහැ.

අර්ථ සාධක අරමුදලට පාඩු සිදුවන ආකරයෙන් සිදු කරන ලද බැඳුම්කර හා කොටස් වෙළඳපොල ආයෝජන පිළිබඳව ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්නැයි වෝහාරික විගණන පරීක්ෂවරුන් විසින්  ඉල්ලා සිටියද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබරාල් මහතා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මග හැරී ඇති අතර හමුවීමට කරන ලද ඉල්ලීමටද ප්‍රතිචාර දක්වා නොමැත. වර්තමාන රජය මේ වාර්තාවල් පහම යට ගසා බැඳුම් කර හොරු ආරක්ෂා කරමින් සිටින බව ඉරාන් වික්‍රමරත්න මහතා රජයට චෝදනා එල්ල කළේය

Related Posts