අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

Spread the love

බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ කැඳවා තිබුණි.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම හා බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව පක්ෂනායක රැස්වීම අවසන් වුණි.

ඒ සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුද සම්බන්ධ වී සිටි අතර එහිදී මැතිවරණයට ආසන්න දිනයක් වන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්මේ ප්‍රායෝගිකත්වය හා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කර තිබේ.

ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පෙබරවාරි මස 8 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය ඊට පෙර එනම් 5 හෝ 6 දින කැඳවීමට හැකිද යන්න පක්ෂ නායකයින් විසින් කථානායකවරයාගෙන් විමසා තිබුණි.

ඒ අවස්ථාවේදී ඒ මහතා කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයා හා අගමැතිවරයා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළබඳව අවසන් තීරණයක් දැනුම් දෙන බවයි.

ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

RSL

Related Posts