වනසත්ත්ව හානි පිටුදකින්න ‘මහජනතාවගෙන් විසඳුම් යෝජනා ඉල්ලයි’

Spread the love

විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය-011-2872094 දුරකථන අංකයට ෆැක්ස් පණිවිඩ මඟින් ලබා දිය හැකිය.

වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලන බව එම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.

එහි මෙසේද සදහන් වෙයි.

ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බව ගණන් බලා ඇත.

ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන්ගෙන් තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ අතර, මේවනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම ගොවීන්  විසින් ඔවුන්ට සිදුව ඇති වගා හානි පිළිබඳව තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබා දෙමින් පවතී.

ඔවුන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ වැඩි ම බෝග හානියක් සිදු කරන්නේ, වල් ඌරන්, රිලවුන් සහ වඳුරන්  මෙන්ම මොනරුන්, ඉත්තෑවුන් හා වන අලීන් ය. පොළොන්නරුව ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල බහුල වශයෙන් හම්බාවන්ගෙන් බෝග හානි සිදුවන බව ගොවීහු පවසති.

වනසතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කර තිබෙන සහ ඇතැම් පිරිස් විසින් යෝජනා කරන ලද සියලු උපක්‍රම අසාර්ථක වී තිබේ. එම නිසා මෙම ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා ගොවීන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් ද අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම තොරතුරු 011-2872094 දුරකථන අංකයට ෆැක්ස් පණිවිඩ මඟින් ලබා දිය හැකිය.

Agriculture ministry seeks to legalize sale of wild boar meat

මේ අතර වනසතුන්ගෙන් වන වගා හානි වැලැක්වීමේ අධ්‍යයනයක් ‘හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය‘ විසින් සිදුකර ඇති බවත් එමගින් 2017 දී යල සහ මහා කන්නවල අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී  කොට්ඨාස 46 ක සිදුකළ අධයනයකින් අස්වනු හානිය,

  • බඩඉරිඟු  22%,
  • වී 15%,
  • රටකජු 23%,
  • කුරක්කන් 41%,
  • කවුපි 39%,
  • අඹ 41% ලෙස වගා හානි සිදුවී ඇතැයි වාර්තා වී ඇති බවත් සදහන් වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වන එම පුවත සම්පූර්ණයෙන් මෙසේය,

වනසතුන්ගෙන් වන වගා හානි වැලැක්වීමේ අධ්‍යයනයක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය විසින් සිදුකරයි

වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වලක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු  පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් විද්වතa අධ්‍යයනයක් සිදුකර ඇත.

මේ වන විට අප රටේ වනසතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40% බව තහවුරු වී තිබේ එම නිසා වනසතුන් කලමනාකරණයට හා බෝග හානිය වලක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇත.

2016 දී ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වනසතුන්ගෙන් බෝග වගාවට වන හානිය එහි සමස්ත අස්වැන්නෙන් 10%ක් බව සිදුකල අධ්‍යනයේදී හෙලිවී ඇත. ඒ අනුව මුං ඇට වගාවෙන් 15%ක් ද ඉරිඟු වගාවෙන් 8%ක් රටකජු වගාවෙන් 9%ක් සහ උක් වගාවෙන් 9%ක අස්වනු හානියක් වනසතුන්ගෙන් සිදුවී ඇතැයි තහවුරු වී තිබේ.

2017 දී යල සහ මහා කන්නවල අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී  කොට්ඨාස 46 ක සිදුකල අධයනයකින් අස්වනු හානිය බඩඉරිඟු  22%, වී 15%, රටකජු 23%, කුරක්කන් 41%, කවුපි 39%, අඹ 41% ලෙස වගා හානි සිදුවී ඇතැයි වාර්තා වී ඇත.

මෙහිදී වගාවන්ට හානිකරන්නන් ලෙස වල් ඌරන්,රිලවුන්,මොණරුන්,දඬුලේනුන්,වල් අලින් සහ ඉත්තෑවන්ගෙන් වන හානිය අවම කර ගැනීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග හදුන්වා දීමට යෝජනා වි තිබේ.

ගොවීන් විසින් සතුන්ගෙන් සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා වායු රයිෆල් මෙන්ම පතුරම් තුවක්කු ද ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇතත්,මේ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවදානය යොමු කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ යටතේ විදුලිවැට ඉදිකිරිම්,නව හදුන්වාදීම් සඳහා පර්යේෂන දිරිගැන්විම්,නිවරදි වගාක්‍රම අනුගමනය,සත්ව ආහාර සඳහා ඉවහල් වන ශාක සිටුවීම,වන සතුන් විකර්ශක ශාක සිටුවීම වැනි විකල්ප අදහස් යෝජනා විය.

පසුගිය වසර කිහිපය තුළ වන සතුන්ගෙන් වන හානිය හේතුවෙන් පලතුරු බෝග වගාවේ හැරෙන්නට සෙසු ආහාර බෝග වගාවන් මඟින් දළ දේශිය නිෂ්පාදනයට ලබාදෙන දායකත්වය අවම වී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

RSL

Related Posts