
2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය
2021 වසරේ දී ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි.
2021 වසරේ මාස 8 ක් තුල දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.
ශ්රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1 ක් උපයා ගනිමින් අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීම පිළිබඳ ව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බව ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන ලදි.
රටේ ශ්‍රම බලකාය සඳහා කඩිනමින් එන්නත් ලබාදීමේ රජයේ තීරණයත් සමඟ කර්මාන්තකරුවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ කැපවීම මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් පවතින බව ගරු වෙළෙඳ ඇමතිතුමා වැඩිදුරටත් පැවසීය.
මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2019, 2020 සහ 2021 ඇමරිකානු ඩොලර් මිලියනවලින්
වගුව 1: වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇ.ඩො. මිලියන
භාණ්ඩ අපනයනය | 2019 | 2020 | 2021 | % වර්ධනය (20-21) |
ඇඟලුම් සහ රෙදිපිළි | 5577 | 4,406 | 5,415.92 | 22.93 |
තේ | 1346 | 1,241 | 1,324.38 | 6.72 |
රබර් ආශ්‍රිත නිශ්පාදන | 890 | 816 | 1092.60 | 33.87 |
පොල් ආශ්‍රිත නිශ්පාදන | 614 | 665 | 836.10 | 25.81 |
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ | 314 | 148 | 292.49 | 97.32 |
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක | 381 | 328 | 421.42 | 28.38 |
කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන | 313 | 335 | 456.71 | 36.14 |
සැකසූ ආහාර සහ පාන වර්ග | 442 | 351 | 443.98 | 26.36 |
මත්ස්‍ය නිශ්පාදන | 263 | 190 | 274.07 | 44.40 |
විසිතුරු මසුන් | 16 | 13 | 20.97 | 60.94 |
එළවළු | 32 | 26 | 27.44 | 6.60 |
පළතුරු | 42 | 36 | 39.46 | 10.66 |
වෙනත් අපනයන බෝග | 45 | 68 | 68.58 | 1.46 |
මල් සහ පත් | 18 | 13 | 16.20 | 28.47 |
බෝට්ටු නිෂ්පාදන | 65 | 2 | 37.81 | 1482.01 |
ඛනිජ තෙල් නිෂ්පාදන | 336 | 272 | 234.36 | -13.77 |
වෙනත් | 1,246 | 1,137 | 1,472.80 | 29.53 |
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය | 11,940 | 10,047 | 12,475.29 | 24.17 |
වගුව 2: ප්රධාන අපනයන ගමනාන්ත 10
ඇ.ඩො. මිලියන
රට | 2020 | 2021 | % වර්ධනය (20-21) | |
1 | එක්සත් ජනපදය | 2,507.20 | 3,068.80 | 22.40 |
2 | එක්සත් රාජධානිය | 910.47 | 933.72 | 2.55 |
3 | ඉන්දියාව | 604.50 | 815.11 | 34.84 |
4 | ජර්මනිය | 570.39 | 754.11 | 32.21 |
5 | ඉතාලිය | 457.32 | 578.91 | 26.59 |
6 | නෙදර්ලන්තය | 290.17 | 425.72 | 46.71 |
7 | බෙල්ජියම | 295.48 | 334.32 | 13.14 |
8 | කැනඩාව | 213.05 | 312.85 | 46.84 |
9 | චීනය | 223.00 | 273.73 | 22.75 |
10 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | 188.9 | 282.84 | 49.73 |
වෙනත් | 3,786.52 | 4,695.18 | 24.00 | |
මුළු අපනයනය | 10,047 | 12,475.29 | 24.17 |
වගුව 3: අපනයන කලාප
ඇ.ඩො. මිලියන
කලාපය | 2020 | 2021 | % වර්ධනය (20-21) |
යුරෝපා සංගමය එක්සත් රාජධානිය හැර | 2,271.58 | 2,948.17 | 29.78 |
එක්සත් ජනපදය | 2,507.20 | 3,068.80 | 22.40 |
දකුණු ආසියාව | 916.17 | 1,243.52 | 35.73 |
ASEAN | 283.44 | 348.89 | 23.09 |
CIS රටවල් | 269.66 | 253.54 | -5.98 |
අප්‍රිකානු රටවල් | 245.83 | 319.79 | 30.09 |
මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) | 708.59 | 913.06 | 28.86 |
වෙනත් | 1934.05 | 3,379.52 | 74.74 |
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය | 10,047 | 12,475.29 | 24.17 |
සේවා අපනයනය
2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 2,647.75 ක් වූ අතර එය 2020 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 15.75% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන, තොරතුරු තාක්ෂණ සේවා/ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ සේවා (ICT/BPM), ඉදිකිරීම් සේවා, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ යටිතල පහසුකම්වලින් සමන්විත වේ.
සංශෝධිත අපනයන ඉලක්ක සහ ජයග්‍රහණ
2021 වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංශෝධිත අපනයන පුරෝකථනය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.72ක් වන අතර ඉන් ඩොලර් බිලියන 12.14ක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන්ද, ඇමෙරිකානු ඩොලර් බිලියන 3.58ක් සේවා අපනයනවලින්ද අපේක්ෂා කරන ලදි.
2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඇස්තමේන්තුගත සේවා දත්ත ඇතුළුව අපනයන ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.12ක් වාර්තා කර ඇති අතර සංශෝධිත අපනයන ඉලක්කයෙන් 96.2%ක් ලබාගෙන ඇත.
තවද, 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන ඉපැයීම් පිළිවෙළින් සංශෝධිත අපනයන ඉලක්කයන්ගෙන් 102.78% සහ 73.88%ක් ලබා ගෙන ඇත.