ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉන්දියා-එක්සත් ජාතීන්ගේ හවුල්කාරිත්වය යන’ වැඩසටහනේදී පැවසූයේ පෘථිවියට දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි.

මෙම අවස්ථාවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූයේ ඉන්දියාවේ ස්වකීය සංවර්ධනය සෙසු ලෝකයෙන් වෙන් කළ නොහැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන ඉන්දියාවේ ප්‍රගතිය හා වර්ධනය තුලින් ප්‍රතිලාභ ලබා ඇති බව ඔහු පැවසීය. මෙහිදී විශේෂ කරුණක් ඉදිරිපත් කළ ජයිශංකර් පැවසූයේ ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයකු ලෙස නිදහසේ සහ හවුල්කාරිත්වයේ 75 වසර සමරන බවයි.

ඉන්දියා එක්සත් ජාතීන්ගේ සංවර්ධන හවුල්කාරිත්ව අරමුදල විශේෂයෙන් සංකේතාත්මක බව ඔහු පැවසීය. එය රටවල් 51ක සංවර්ධන ව්‍යාපෘති 66ක් දක්වා ව්‍යාප්තව පවතින බව ඔහු වැඩිදුරටත් කරුණු දැක්වීය. එම සහයෝගීතාව එක්සත් ජාතීන්ගේ දකුණු-දකුණු පළමු මුලපිරීමයි.

වෙනත් ඕනෑම රටකට වඩා ඉන්දියාව වසර ගණනාවක් පුරා මිලියන හතරකට වඩා වැඩි පිරිසක් සමග සාම සාධක කටයුතු සඳහා දායක වී ඇති බව ඔහු පැවසීය.

ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ඉන්දියාව ප්‍රධාන මුල පිරීම් දෙකක් ද සක්‍රීය කර ඇති බව ඔහු පැවසීය.ඉන්දියාව 2015 දී ප්‍රංශය සමඟ පුරෝගාමී වූ ජාත්‍යන්තර සූර්ය සන්ධානයයි. එහි සාමාජිකයින් 100 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය ලබා ඇති බව ඔහු සඳහන් කළේය.දෙවැන්න ඉන්දියාව ආරම්භක සාමාජිකයා වන ආපදා ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා වූ සන්ධානයයි.

‘පෙර නොවූ විරූ ගෝලීය අර්බුදය’

අප්‍රිකාව, කැරිබියන්, ලතින් ඇමරිකාව සහ අසල්වැසි රටවල් සඳහා එන්නත් සමඟ මුලින්ම ප්‍රතිචාර දැක්වූ බව ජයිශංකර් පෙන්වා දෙමින් කොවිඩ්-19 වසංගතය පෙර නොවූ විරූ ගෝලීය අර්බුදයක් ලෙස විග්‍රහ කළේය.

යුක්රේනයේ ගැටුම නිසා ආහාර හා බලශක්ති උද්ධමනය උග්‍ර කර ඇති බව ඔහු පැවසීය. ඇෆ්ගනිස්තානය, මියන්මාරය, ශ්‍රී ලංකාව, යේමනය සහ අප්‍රිකාවේ රටවල් කිහිපයකට මෑත වසරවල ආහාර ධාන්‍ය සැපයීමෙන් හා මූල්‍ය ආධාර සහ ප්‍රදාන ඇතුළුව ඉන්දියාව ප්‍රතිචාර දක්වා ඇති බව ඔහු පැවසීය.

ඉන්දියාව සඳ මතට ගොඩ බැස එහි දුරස්ථ ගම්මාන ඩිජිටල්කරණය කිරීමේ අභිලාෂයන් ඇති බවත් නිදහසින් වසර 100 ක් සම්පූර්ණ වන 2047 වන විට ඉන්දියාව සංවර්ධිත ජාතියක් වනු ඇතැයි ජයශංකර් ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සංවර්ධනය ගැන කතා කරමින්, ඩිජිටල් තාක්‍ෂණය හරහා ආහාර සුරක්ෂිතතා ජාලය මිලියන 800 ක් දක්වා ව්‍යාප්ත කර ඇති බව ඔහු පැවසීය. ඇමරිකානු ඩොලර් බිලියන 300 කට වැඩි ප්‍රතිලාභ ඩිජිටල් ක්‍රමය හරහා රට විසින් බෙදා හැර ඇත, එමෙන්ම බිලියන 2 කට අධික එන්නත් ලබා දී ඇති බවත් ඩිජිටල්කරණ ප්‍රතිලාභ මේ හරහා නිරූපණය වන බව ජයශංකර් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්