හැඳුනුම්පත සඳහා වෙනත් ලිපිලේඛන ඉදිරිපත් කළ හැකියි

Spread the love

ජාතික හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කිරීමේ දී උප්පැන්න සහතිකය වෙනුවට වෙනත් ලිපි ලේඛන ඉදිරිපත් කළ හැකි යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (1) සභාව කල්තැබීමේ යෝජනාවට පිළිතුරු ලබදෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන ලදී.

දකුණු හා රත්නපුර ප්‍රදේශවල ජීවත් වන වැවිලි ක්ෂේත්‍රයේ සේවය කරන ජනතාවගේ ජාතික හැඳුනුම්පත් ගැටලුව මෙහි දී මන්ත්‍රීවරයා සභාවේ අවධානයට යොමු කළේ ය.

ඒ අනුව පිළිගත හැකි අනුමත විවාහ සහතික, බෞතීස්ම සහතික, පාසල් හැරයාමේ සහතික, ගුවන්ගමන් බලපත්‍රය, පුරවැසි සහතිකය වැනි සහතික ඉදිරිපත් කළ හැකි බව අමත්‍යවරයා සඳහන් කරයි.

මාතර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල උප්පැන්න සහතිකවල කාලය ඉකුත් වු ඒවා රැසක් නැවත ලියාපදිංචි කිරීමට කටයුතු කර තිබෙනවා. අද ජංගම කච්චේරි පවත්වා උප්පැන්න සහතික හා හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහන ක්‍රියත්මක වන බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා, මේ ගැටලුව සඳහා ඉදිරියේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා කටයුතු කිරීමට සූදානම් වී සිටිනවා යැයි පැවසීය.

RSL

Related Posts