සහල් මිල යළිත් රුපියල් 10-30 අතර ගණනකින් ඉහළට

Spread the love

නාඩු සහ සම්බා ඇතුළු සියලුම සහල් වර්ග වල මිල ගණන් නැවතත් රුපියල් 10ත් 30ත් අතර ගණනකින් ඉහළ දැමීමට පියවර ගත් බව පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක ප්‍රකාශකයෙක් පැවසුවේය.

ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින්ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10කින්ද, ඉහළ දැමූ බවයි ඔහු ප්‍රකාශ කළේ.

නව මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 225ක්ද සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 165ක්ද නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 140ක්ද වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක්ද රුපියල් 05කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 125ක්ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110ක් දක්වා ද ඉහළ ගොස් ඇත.

Related Posts