සහල් කිලෝව රුපියල් 200ට යාම නවත්වන්න බෑ – ඉරාන් වික්‍රමරත්න

Spread the love

රසායනික පොහොර වානිජ කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීමේ වැරදි ප්රතිපත්ති නිසා රජය මුලා වී ඇතැයි පැවසු සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා අගය එකතු කළ කෘෂිකර්මාන්තයක් වානිජ මට්ටමින් නගා සිටුවීමට සමගි ජනබල වේගය දැනටමත් සැලසුම් කර ඇතැයි ප්රකාශ කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකාච්ඡාව ඇමතු ඒ මහතා මෙසේ ද කීය.

රජය ආර්ථිකය හසුරුවාලීමේදී අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති නිසා මුළු රටම දැන් පෙර නොදුටු අර්බුදවලට මුහුණ දී ජනතාව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

තමන්ට බලයට එන්න උදව් කළ ව්‍යාපාරිකයන් බේරාගැනීමට බදු සහන දීම නිසා මුලින් රාජ්‍ය ආදායම තුනෙන් එකකින් කඩා වැටුණි. ගජ මිතුරන්ගේ සමාගම් වලට වෙළඳ ඒකාධිකාරය යටතේ සහන දී සොරකම් වංචා වලට අවස්තාව දීමෙන් භාණ්ඩ හිඟවීම හා මිල වැඩිවීම නිසා පාරිභෝගිකයන් මහත් අසීරුතාවන්හට මුහුණ දීමට සිදුවිය.ඒවගේම වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා ආයෝජන නොමැතිව විදේශ සංචිතය ද බංකලොත් තත්ත්වයට පත්වීමෙන් ඩොලර් නොමැතිව  බෙහෙත් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් රටේ උද්ගතවී තිබේ.

සීනි , පොල්තෙල්  ඇන්ටිජෙන්ට්  ආදී බොහො භාණ්ඩ ආනයනයේ දී වංචා සිදුවී ඇති අතර රජයට බදු ආදායම ද අහිමි විය. දැන් සහල් ආනයන වාසිය ලැබී ඇත්තේ ද මහා පරිමාණ සහල් වෙළඳුන්ටමයි. සීනි ආනයන වංචාවෙන් පමණක් රජයට රු බි 15.9 ක් අහිමි විය. ඒ වගේම සහල් ආනයන අවස්තා සහචරයන්ට සීමා කිරීමෙන් මිල වැඩිවීමක් මෙන්ම ආහාර හිඟයකුත් ඇතිවෙනවා.

මේ රජය ඩොලර් හිඟය නිසා පොහොර ආනයනය නවතා දමා රසායනික පොහොර භාවිතය ට දෙන සහනාධාර ද දවසෙන් නතර කර දැම්මා.

අපි සමගි ජනබල වේගය රසායනික පොහොර භාවිතය පිළිබඳව නිසි අධ්‍යයනයක් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය එකතු කළ අගය මත යළි වානිජ මට්ටමින් නගා සිටුවා ගොවියා ශක්තිමත් කිරීමට පියවර ගන්නවා. රටේ ආහාර සුරක්ෂිතතාවය සහතික කරන අතර අගය එකතු කළ කෘෂි නිෂ්පාදන අපනයනය දිරිගන්වීමට සැලසුම් කර තිබෙන බව සහතික කළේය.

පසුගිය රජය කිලෝ 50 ක පොහොර මිටියක් රු. 1500 බැගින් ගොවීන්ට දුන්නා.අද එවන් පොහොර මිටියක් රු 8000 ත් 12000 ත් අතර මිලකටයි වෙළඳපොලේ අලෙවි වන්නේ.රජයේ වැරදි ප්‍රතිපත්තිය නිසා එම මිලට වූවද පොහොර හිඟයක් පවතියි. මේ නිසා සමස්තයක් වශයෙන් වී ඇහුළු එලවලු අස්වැන්නට ලොකු බලපෑමක් මතුවී නිෂ්පාදනය 50 % ට වඩා වැඩි ප්‍රමානයකින් අඩු වී ඇති බව වාර්තාවේ

මෙය පලමුව ගොවියාගේ ජීවන තත්ත්වයට බලපාන අතර පාරිබෝගිකයාට ද මෙය දරා ගත නොහැකිය. එමෙන්ම රටේ ආර්තිකය ද සෘණ අගයකට පෙරලීමට මේවා ඉවහල් වනු ඇත.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ රජයේ අනුවන ප්‍රතිපතිපත්තීය නිසා මේ මහ කන්නයේ ගොවියට සිදු වූ පාඩුවට වන්දි ගෙවන්න රු බිලිය්න 40 ක් වෙන් කර තිබෙනවයි රජය ප්‍රකාශය කළා.අය වැය සම්මත කර මාසයක් යන්නට මත්තෙන් අයවැයෙන් පිට මෙවන් මූල්‍ය වෙන්කිරීමක් කරන්නේ කෙසේ දැයි රජයෙන් ප්‍රශ්න කරන්න කැමතියි. කොහෙන්ද මේ මුදල් යොදවන්න යන්නේ.  රජයේ පාර්ශ්වයෙන් වරදක් සිදුව ඇතැයි පිළිගන්නා නිසයි රජය වන්දි ගෙවන බව කියන්නේ. අත්දැකීම නැති,කාර්ය සාධනයක් පෙන්වානැති අයව හුදු වෙනත් සටන් පාට මත රාජ්‍ය පාලනයට පත් කරගත් විට රටටත් ජනතාවටත් මෙවන් විකාර වලට මුහුණ දීමට සිදු වන බව ජනතාව සිහියේ තබා ගත යුතුයි.

හැබැයි මේ වැරදිවලට වග කියන්නේ කවුරුන්ද,? කාටද දඬුවම් දෙන්නේ යැයි අපි රජයෙන් විමසනවා.? රසායනික පොහොර තහනම් නිර්දේශය හෝ නියෝගය කෘෂිකර්මාන්ත විද්‍යාඥයන්ගෙන් රජයට ලැබුනේ දැයි රජය ප්‍රසිද්ද ප්‍රකාශයක් කළ යුතුයි. මේ ගෙවනවයි කියන වන්දිය කාගේවත් පුද්ගලික මුදල් නොවන බැවින් මේ පිළිබඳව රජය සත්‍ය හෙළිකළ යුතුයි. සහල් ගොවියාට පමණක් ගෙවන මේ වන්දියෙන් එළවළු ගොවියාට මෙන් පාරිභෝගිකයාට ද කිසිදූ සහනයක් ලැබෙන්නේ නැත.

උසස් පෙළ විභාග සමත්ව විශ්ව විද්‍යාල අවස්වථා අහිමි වූ ලක්ෂයක් පමණ සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න මේ රු බිලියන 40ක  වන්දි මුදල යොදා ගත හැකියැයි ද ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

සහල් ආනයනය කළහොත් ඉල්ලා අස්වන  බවට ඇමතිවරු පොරොන්දු වූ නමුදූ දැන් සහල් මෙ ටොන් ලක්ෂ පහක් පමණ ඉන්දියාවෙන් ආනයන කර ඇති අතර වෙළඳ පොලේ වැඩියෙන්ම තිබෙන්නේ ආනයනික සහල් යැයි ද හෙතෙම කීය.

මහ කන්නයේ මෙ ටොන් මිලියන 3 ක් පමණද යල කන්නයේ මෙට්‍රි ටොන් මිලියන් 1.5 ක් පමණ ද වී  අස්වනු ලැබෙනවා. මෙය රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ප්‍රමාණවත්ය. දැන් සහල් කිලෝවක මිල රු 160 ඉක්මවේ. චීනයෙන් මෙ. ටො. මිලියනක සහල් ලබා දෙන්න යනවයි වාර්තාවේ, එහෙත් චීනය ඒ ගැන නිල ප්‍රකාශයක් කර නොමැත.වී කිලෝවක් රු 75/ ට ගන්නා බවට රජය නිවේදනය කර ඇති පසුබිමක සහල් කිලෝවක මිල ඉදිරියේ දී රු 200 ක් පමන වීම නොවැළක්විය හැකි වනු ඇත. රජයේ එක වැරදි තීරනයක් නිසා මුලු රටම පත්වූ ඉරණම හොඳින් අවබෝධ කර ගැනීමට ජනතාවට මෙය හොඳම ආදර්ශයක් යැයි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

Related Posts