සජිත් ‘අපේ ජාතික පෙරමුණ සමග’ අලුත් ගමනක් යන්න තීන්දු කරයි

Spread the love

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘හදවත’ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨයෙක් ප‍්‍රකාශ කළා.

එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සදහන් කළේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සලකුණ වෙනස් කර දෙන්නැයි සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි.

එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය ඉවත්කර ඒ වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම පිළිගන්වන ලෙස මැතිවරණ කොමිසන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව කී සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයා එම පක්ෂයේ දැනට භාවිතා කරන ටෙලිෆෝනය ලකුණ වෙනස්කර ඒ වෙනුවට ‘හදවත’ ලකුණ ලබාදෙන්නැයිද ඉල්ලීමක් ද කළ බව සදහන් කළා.

එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සදහන් කරනනේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ‘හදවත’ ලකුණ ලබාදීමට සිය අකමැත්ත ප‍්‍රකාශ කළ බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ නව සන්ධානය ගොඩනැගීමේ අර්බුදය හමුවේ වෙනස් පක්ෂයකින් තරග කිරීම හැර සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු කණ්ඩායමට වෙනත් විකල්පයක් නැති බව ද ඔහු සදහන් කළා.

‘ඒ බව අද සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඔප්පු වුණා. අපි වෙනම ගමනක් යනවා’ ඔහු වැඩි දුරටත් සදහන් කළා.

‘අපේ ජාතික පෙරමුණ’ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන ලක්ෂයක් වන අතර එහි සභාපතිවරයා ලෙස සේනක ද සිල්වා මහතාත් ලේකම් ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියත් දැනට කටයුතු කරන අතර එම පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර පැවැති මැතිවරණ කිහිපයකදීම තරඟ කළ පක්ෂයක් බව ද සදහන්.

RSL

Related Posts