සංස්ථාවටත් අද හෙටම ඉන්ධන මිල ඉහළ දාන්න සිදුවෙන බව වෘත්තීය සමිති කියයි

Spread the love

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විසින් සිදු කරන ලද ක්‍රියාව හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන මිල වැඩි කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේය.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නොදමන බව ඇමැතිවරයා අවධාරණය කළත් ඉදිරි දින දෙක තුළ අනිවාර්යයෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවෙනවා, ආණ්ඩුවේ අස්ථාවර කි‍්‍රයා කලාපයත් සමඟ ජනතාව දිනෙන් දින අමාරුවේ වැටෙනවා. පවතින තත්ත්වය මූලික වේදිකාවක් ලෙස තබා ගනිමින් විදුලි පරිභෝජන ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නවා. කෙසේ හෝ රජය ජනතාව විශාල බරකට පැටවීමට උත්සාහ කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

Related Posts