වී අලෙවි මණ්ඩලය මෙතැනින් කොතැනටද ?

Spread the love

වී අලෙවි මණ්ඩලයේ  වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබද විශ්ලේෂණාත්මක විමසුමක්

වී අලෙවි මණ්ඩලයේ උප සභාපති සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු ද වන ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක ඩබ්. එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා සමඟ වී අලෙවි මණ්ඩලයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ අප කළ සංවාදය මගින් ඔබගේ බොහෝ ගැටලුවලට නිසි පිළිතුරු ලැබෙනු ඇත.

වර්තමානය වන විට වී අලෙවි මණ්ඩලය රටේ ජනතාවට අත්‍යවශ්‍යම තත්ත්වයක පවතින්නේ ඇයි ඔබ සිතන්නේද? එසේ නො නොමැති නම් බැලූ බැල්මට මෙම ආයතනය හුදෙක් වැඩකට නැති රාජ්‍ය ආයතනයක් ලෙස කෙනෙකු අර්ථකථනය  කළොත්  ඔබ එසේ නොමැතියැයි  සාධාරණය කරන්නේ කෙසේද? මොකද ඔබ මේ ක්ෂේත්‍රය පිළිබද වෘත්තිමය පර්යේෂකයෙක් වගේම, ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක්, නිරන්තර මේ ක්ෂේත්‍රයන් පිළිබඳ විග්‍රහයන්වල යෙදෙන පුද්ගලයෙක්

ඔව් ඔබ ඉතා හොඳ ප්‍රශ්නයක්ය විමසුවේ, මේ රටේ වී අලෙවි මණ්ඩලය වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ මා පෞද්ගලිකව  සෑහීමකට පත් වෙනවා. මොකද මම ආයතනයේ උප සභාපති ලෙස නොව වෘත්තිමය  පර්යේෂකයෙක් හැටියට ඔබටම වින්ශ්චය කරන්න එම කාරණය මම විග්‍රහ කරන්නම්. එනම් වී අලෙවි මණ්ඩලයෙ කියන ආයතනය මේ රටට කොතරම් වැදගත් ද කියල දැනෙන්නෙ ගොවි ජනතාව වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඒවා ගොවි ජනතාවට කොයිතරම් සමීප විදිහට ක්‍රියාත්මක වනවා ද නැද්ද යන ප්‍රායෝගික තත්ත්වය තුළ කියලා කිව්වොත් නිවැරදියි. මොකද මේ ආයතනයේ කිසියම් සාර්ථක  අසාර්ථක තත්ත්වයක් තිබුණ නම් ඒකට වගකියන්න ගොවි ජනතාව පෞද්ගලික  සහල් ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් පාරිභෝගික ජනතාව හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක් නොවේ පැවැති රජයන්, පැවති රජයන් තුළ පැවැති අකාර්යක්ෂම කළමනාකරණය එසේ නොමැතිනම් ගොවි ජනතාවට වඩාත් සංවේදී වූ ප්‍රශ්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු නොකරපු පාලනයක් පැවතීම කියලා මම ඉතා වගකීමෙන්  ප්‍රකාශ කරන්න කැමතියි.

ඇයි එහෙම කියන්නේ කියන කාර්ණාව පිළිබඳ මම කෙටි  විග්‍රහයක්ද කරන්නම් කරුණු කාරණා සහිතව, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානතම  අරමුණ විය යුත්තේ රජය මගින් නිකුත් කරනු ලබන වී සඳහා වන සහතික මිල රට තුළ ස්ථාවර පවත්වා ගනිමින් එම  මිලට පහලින් ගොවි ජනතාවගේ වී අස්වැන්න මිලදී ගනු ලබන සෑම අවස්ථාවක්ම රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක කරවන ආයතනයක් හැටියට ඉදිරිපත් වෙලා එම අස්වනු මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම කිව්වොත් නිවැරදියි, එසේම එම ලබා ලබා ගනු ලබන වී අස්වනු සුරක්ෂිතව ගබඩාකොට තබාගෙන ආරක්ෂිත වී තොගයක් ලෙස  කළමනාකරණය කර ගනිමින් රට තුළ වී ගොවියා ආරක්ෂා කරනව  මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර කර ගැනීම සදහා ද සහල් මිල ඉහළ යන අවස්ථාවලදී එම වී තොග සහල් බවට පත්කර පාරිභෝගික ජනතාවන්ට සාධාරණ මිලකට ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම කියන කාරණය තමයි වී අලෙවි මණ්ඩලය තුළින් මේ රටේ පාරිභෝගික ජනතාවත් ගොවි ජනතාවත් ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය ජය බලාපොරොත්තු වෙන ප්‍රධානම කාරණාවන්,

නමුත් මෙම කාර්ණා කොහොමද ඉටුවුණේ කියලා පසුගිය කාලසීමාව තුළ අපි හොයලා බැලුවොත් මම හිතන්නේ මේ කාරණා පිළිබද  කිසිසේත්ම සුබදායී නොවන තත්ත්වයක් තමයි පැවතුනේ, එනම් පැවැති රජයන් මේ වී අලෙවි මණ්ඩලය ඉතාමත් අකාර්යක්ෂම ආයතනයක් බවට පෙන්වමින් කිසිදු අවස්ථාවක මේ ආයතනය ගොවිජනතාවට පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ පලදායී ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය රාජ්‍යමය පරිසරය රාජ්‍ය මැදිහත්වීම ලබා නොදී තිබුන කිවහොත් ඒක නිවැරදි යි,

කාරණා කිහිපයක් මම ඒ සඳහා පෙන්වන්නම්,  විශේෂයෙන් පැවති රජය වසර පහක් තුළ වී සඳහා  පැවැති සහතික මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමීමට කටයුතු කරේ නෑ, එතකොට මේ වී සඳහා වන සහතික මිල ඉහල දැමීමට රජය හැටියට ක්‍රියාත්මක වීමක් සිදු නොවීම මෙන්ම ගොවි ජනතාවගේ නිෂ්පාදන පිරිවැය ද 35% ත් 40% ත් අතර ඉහළ ගොස් තිබිච්ච අවස්ථාවක ගොවි ජනතාවට පැවතියේ එකම විසදුම පුද්ගලික අංශය පමණයි.

එවිට පෞද්ගලික මෝල් හිමියන්ගේ තනි  ඒකාධිකාරයට මුළුමනින්ම ගොවි ජනතාව නතුවෙලා තිබුණෙ, ඔවුන් ඉදිරිපත් කරන ඕනෑම මිලකට තම වී අස්වනු  ටික ලබා දෙන්න සිද්දවුණා, රාජ්‍ය අංශයේ කිසිම මැදිහත්වීමක් වුණේ නැහැ, මේ රජය එනකොට වී අලෙවි මණඩලය පිළිබද කිසිම විශ්වාසයක් ගොවිජනතාව තුළ තිබුනෙ නැහැ. විශේෂයෙන් පැවති මිල සහ කාරණා ගණනාවක් එක්ක. නමුත් මේ රජය වී කිලෝවක් සඳහා පැවති රුපියල් 38 ක සහතික මිල රුපියල් 50ක මිලක් ලෙස ඉහළ අගයකට ගෙනාව, එය ඉතාමත් හොඳ සුබදායී කාරණයක්, ගොවි ජනතාවගේ පැත්තෙන් ඒක විය යුතු ම අවස්ථාවක තමයි ඒ දේ කලේ, ඒ වගේම තමයි රුපියල් 50ක මිලක් තීරණය කලා පමණක් නොවේ එම මිලට අවශ්‍ය ඕනෑම වී තොගයක් ලබාගැනීමට වි අලෙවි  මණ්ඩලය තුළ පරිසරය නිර්මාණය කරන්නත් හැකි වුණා.

එතනදි රාජ්‍ය  මැදිහත්වීම් තුළ වී සඳහා සහතික මිල ඉහළ දැමීම කරන්න  පුළුවන් වීම  වගේම පසුගිය කාලසීමාව තුළ අපි දැක්කා වී මිලදී ගැනීම සඳහා රජය වී මිලදී ගැනීම සදහා  වී අලෙවි  මණ්ඩලයට මුදල් ලබාදීම සිදුකෙරේ පෞද්ගලික සියලු මෝල්වලට ඒ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය ඔඩපන ණය ලබාදීලා කන්නයෙන් 50% ක් පමණ අස්වනු නෙලා අවසන්වුනු  අවස්ථාවක. එනම්  වී මිල ඉතාමත් අඩු මට්ටමක පැමිණියාට පස්සේ තමයි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් ලබාදෙන්නේ, නමුත් ඒ තත්ත්වය වෙනස් කරන්න අපිට පුළුවන් වුණා කන්නය ආරම්භ වීමට ප්‍රථමව සියලු මුදල් ලබා දෙන්න රජය කටයුතු කලා, ඉතිහාසයේ වී මිලදී ගැනීමට රජයක වෙන්කළ විශාලම මුලද වන රුපියන් දශ ලක්ෂ 16,000 ක මුදල ලබා දුන්නේ පසුගිය මහ කන්නය තුළ.  ඒක ඉතාමත් හොඳ කාරණයක් ඒ වගේම තමයි අනිත් ප්‍රධාන කාරණය වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම්, හොඳ මට්ටමේ ගබඩා පහසුකම් 50ක් වත් තිබුණේ නෑ නමුත් වර්තමාන රජය පැමිණියාට පසු අපිට ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය ලබා ගනිමින් අබලන් තත්ත්වයේ තිබුණා වූ සියලු ගබඩා  ඉතාමත් හොඳ තත්ත්වයකට ගේන්න ඉතාමත් කෙටි කාලයක් තුළ හැකි වුණා, ඒ තුළ අපිට අපේ ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුන හමාරකට ආසන්න ප්‍රමාණයකට ඉහළ මට්ටමකට ගේන්න අපිට අවශ්‍ය කටයුතු කර ගන්න පුළුවන් වුණා මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. මොකද අපි පෞද්ගලික අංශයත් සමග තරගකාරී පරිසරය තුළ ඉඳගෙන රජයේ සහතික මිල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවානම් අපිට ප්‍රමාණවත් ගබඩා පහසුකම් තිබිය යුතුයි.

රජය සහතික මිලට වී අස්වනු ගන්න සූදානම් නම්   විවෘත වෙළඳපොළ තුළ අපේ සහතික මිල හෝ ඊට ඉහල මිලකට වී මිලක් තීරණ වෙනවා කියන අපි හොදාකාරවම දන්න කාරණයක්, ඒක අපිට ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. පසුගිය මහ කන්නය තුළ, විශේෂයෙන්  සඳහන් කරන්න ඕන මේ ක්ෂේත්‍රය පිළිබඳ වසර විස්සකට අධික කාලයක් වෘත්තිමය පර්යේෂකයෙක් හැටි හිටපු  මම විසින් කරනු  ලැබූ  පර්යේෂ සැලකිය යුතු ප්‍රමාණයක් සිදුකළේ මෙම වී සහල් ක්ෂේත්‍රයට අදාඵව.  එම  විද්‍යත්මක පර්යේෂණවලින් සොයාගනු ලැබූ කරුණු ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවක් අද ලැබිලා තිබෙනවා. එම නිසා පසුගිය කාලසීමාව තුළ වී අලෙවි  මණ්ඩලය පැවති තත්ත්වයත් වර්තමාන තත්ත්වයක් පිළිබඳ ඉතාමත් ඉහල මට්ටමේ සතුටුවිය හැකි  තැනක තමයි අපි අද ඉන්නේ, ඒක නිසා  විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් මේ ලබා දීලා තිබෙනවා වසර තුනක කාල සීමාව තුළ වී අලෙවි  මණ්ඩලය කියන්නේ මේ රටේ රාජ්‍ය ආයතන තුළින් ඉතාමත් ඉහළ මට්ටමක කාර්ය සාධනයක් පෙන්නපු මේ රටේ ගොවි ජනතාවට පාරිභෝගික ජනතාවට රජයටත් මේ  වසර තුන තුළ ආපසු හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා කියන එක මං ඉතාමත් වගකීමෙන් කියනවා.

මේ වී අලෙවි මණ්ඩලය තුළ වී මිලදී ගැනීම සඳහා පැවති ඉතාමත් අසාර්ථක ක්‍රමවේදයන් කිහිපයක් මං ඔබට උදාහරණයක් හැටියට පෙන්වන්නම්, මේවා මේ ආකාරයම තවදුරටත් ක්‍රියාත්මක කලානම් මේවා දිහා බලන් ඉඳල පෞද්ගලික මෝල් හිමියෝ අපි කොපමණ ඉහළ සහතික මිලක් නිකුත් කලත්  ඊට වඩා අඩුවෙන් ගන්න පෙළඹෙනවා, මොකද ගොවි ජනතාව වී අලෙවි කිරීමේ දී  ඉතාමත් සංවේදී කරුණු කාරණා ගණනාවක් තිබෙනව. ගොවි ජනතාවට මේ ආයතන පැමිණීමේද දී වී අලෙවි කිරීමේ දී පැවති පරිසරය පිළිබඳ මම කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නම්, පළවෙනි කාරණය තමයි වී ගොවියා වී අලෙවි කිරීමට නම්  අවස්ථා ගණනාවක් ගබඩාවක් වෙත පැමිණිය යුතුය, එක් අවස්ථාවක පැමිණ ගබඩා විවෘත කර තිබේ ද බලන්න අවශ්‍යයි, ඒ වගේම තවත් අවස්ථාවක පැමිණ වී මිලදී ගැනීම සඳහා පොලිසැක් උර  රැගෙන යා යුතුයි, ඊළඟ අවස්ථාවේදී  වී ටික රැගෙන ආ යුතුයි, තවත් අවස්ථාවක මුදල් ගැනීමට පැමිණිය යුතුයි, ඉතාමත් කාර්ය බහුල ගොවි ජනතාවක් ඉන්න පරිසරයක් තුළ මෙවැනි අවස්ථා ගණනාවක් පැමැණිමට සිදුවීම, ගොවියාට  මේදේ කරන්න බැහැ,

නමුත්   අපි ඒ තත්වයන් සියල්ල වෙනස් කළා,  ගොවි ජනතාවට ලබා දුන්න ප්‍රධානම උපදෙස තමයි  වී අලෙවි මණ්ඩලයට පැමිණ බෑග් රුගෙනයාමට අවශ්‍ය නැහැ, ඔබට ලබාගතහැකි ඕනෑම වර්ගයක උරයක අපිට වී ලබා දෙන්න පුළුවන්, ඒ උර  සඳහා මුදල් ලබා දෙන්න කටයුතු කළා,  ඒ වගේම තමයි වී අලෙවි කිරීමේදී මුදල් ලබාදීමට දින ගණනාවක් ගතවීම, වී අලෙවි මණ්ඩලය පිළිබද මුදල් ලබාදීමේදී  විශ්වාසය බිඳවැටී තිබුණේ, නමුත් අපි ඔහුට අවශ්‍ය නම් එම අවස්ථාවේදීම අත්පිට මුදල් ලබාදීමටත් ඒ වගේම තමන් කැමති ඕනෑම බැංකුවක තමන්ගේ ගිණුමට මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතුත්  සිදු කළා. මේක ගොවි ජනතාවට ඉතාමත් හොඳ තත්ත්වයක් වුණා.

ඒ වගේම තමයි වී ගබඩාවට  ලබා දීමේදී සෑම බෑග් එකකම කිලෝ 50 ග්‍රෑම් 250 බැගින් සියලුම වී උර සකසා ගෙන ආ යුතුයි. එසේ නොමැතිනම් උදේ නමයට වී අලෙවි මණ්ඩලයට පැමිණෙන ගොවියා හවස දෙක වෙනකම් වී බෑග් කරන්න ඔහු මහන්සි විය යුතුයි. උර වෙන වෙනම කිරා බැලිය යුතුයි, මේ සියලූ තත්ත්වයන් ගොවියාට ගැලපෙන ලෙස අපි වෙනස් කරා  වී ප්‍රමාණයන්  සියල්ල එකවර කිරා ලබාගෙන අවශ්‍ය මුදල් එම අවස්ථාවේදීම ලබා දී  ඉතාමත් කෙටි කාලයක් තුළ ගොවියා නිදහස් කර යැවීමටත් අවශ්‍ය කටයුතු කළා,  මේම කාරණා ගොවි ජනතාවට අත්‍යවශ්‍යම කාරණා, ගොවියා රස්තියාදු නොවිය යුතුයි, ඒක වෙනස් කළා, පෞද්ගලික අංශයේ එහෙම කරනවා නම් අපිටත් එතනට යන්න පුළුවන් වෙන්න ඕන.

ඊළඟ කාරණය තමයි ගොවියෙකුට තමන්ගේ අලෙවි කර ගැනීමට වී කිලෝ තුන්දාහක් හාරදහක් තිබුණත් වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට පහසුකම් තිබුනේ කිලෝ 2000 ක් පමණයි, අපි පෞද්ගලික අංශයත් සමග පැවති තරගකාරී පරිසරයට මුහුණදෙන්න නම් තමන් කැමති ඕනෑම වී ප්‍රමාණයක් ඕනෑම වර්ගයකින්   වී අලෙවි මණ්ඩලයට අලෙවි කරන්න අවස්ථාව ලබා දිය යුතුයි, එතකොට ගොවියා තවත්  ස්ථානකට ඉතිරි වී තොග  රැගෙන  යා යුතු නෑ, එකම ස්ථානයක දී  ගෙන තමන්ගේ සියලු  වී තොග මණ්ඩලයට අලෙවි කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කළා, මෙය ගොවි ජනතාවට ඉතාමත් හොඳ කාරණයක් වුණා

ඒ වගේම අනිත් ප්‍රධාන කාර කාරණය තමයි රජය  වී සඳහා සහතික මිලක් තීරණය කිරීමේදී ඒ සහතික මිලට පෞද්ගලික වෙළෙඳුන්  ගොවිබිමට  ගිහිල්ලා වී ගන්නවා නම් ඔහු අපේ ගබඩාවට රැගෙනආවත් ලබා දෙන්නේ ඒකම මිලනම් ඔහු පුද්ගලික වෙළෙන්දාට ම කමතේදීම වි ටික අලෙවි කරනවා,  එනම් ඔහු අපිට වී ලබා දෙන්නනම්  ප්‍රවාහනයට වියදමක් දරන්න වෙනවා. ඒක නිසා අපි තීරණය කලා සෑම වී ගොවියකුටම  තමන්ගේ නිවසේ සිට ගබඩා දක්වා වී ටික ප්‍රවාහනයකර ලබාදෙනවාට කිලෝවක් සඳහා රුපියල් 1.50 ක අමතර මුදලක් ලබා දෙන්න, මේකට ගොවියා ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා, ඔහු තමන්ගේම ට්‍රැක්ටරයෙන්  තමන්ගේ වී ටික තමන්ම  ගෙනල්ලා දෙනවා, අපි ගොවියාට සහතික මිලද අමතරව  අතිරේක මුදලක් ලැබීමට අවශ්‍ය පරිසරය සැකසුවා, මේ කියන  කාරණා පෞද්ගලික අංශය සමග තරගකාරී ලෙස ඉදිරියට යාමටනම්  කළයුතුම  කාරණයන්  වුණා, එහි ප්‍රතිපලය වුනේ ගොවියාට පුද්ගලික අංශයත් රුපියල්  51.50 ක් ගෙවන්න ඉදිරිපත්වීම.

ඊළඟ ප්‍රධාන කාර්ණය තමයි අපි දන්නවා අස්වනු නෙලන  අවස්ථාවේම වී සඳහා ඉතා අඩු මිලක් තීරණය වීම, මෙම තෙතමනය සහිත වී වලට රජයක් හැටියට ඉතිහාසය ප්‍රථම වතාවට සාධාරණ  මිලක් තීරණය කරල  ලබාදුන්න, ගොවියට මෙම මිල මා විශ්වාස  කරන විදියට, වී ප්‍රමිතියට  ගෙනල්ල අලෙවි  කරනවට වඩා ලාබයි, තෙතමනය  සහිත වී අලෙවි කිරීම.

මෙම තෙතමනය සහිත වී මිලදී ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සුළු හා මධ්‍ය පරිමාණ මෝල්  හා ඒ වගේම නියෝජිතයින් හරහා ඇතිකළා. එම තෙත වී මිලදී ගෙන ඒවා වියළා මණ්ඩලය වෙත  ලබාදීමේ ක්‍රමවේදයක් අපි සකස් කළා. එය  ඉතාම සාර්ථක වුණා. එහි ප්‍රතිඵලය තමයි වීඅලෙවි මණ්ඩලය  මගින් තීරණය කරනු ලබන්නාවූ වී සඳහා පැවැති අවම මිලට වඩා වැඩි මිලක් නිරන්තරයෙන් වෙළඳපොළ තුළ ගොවියාට ලබා ගැනීමට හැකිවීම, ඒක  ඉතාම සාර්ථක කාරණයක් වුණා.

ඒ වගේම තමයි වී අලෙවි මණ්ඩලය හැටියට ගබඩාවට  වී රැගෙන එනකම් බලා නොසිට වී මිලදී  ගැනීමට ගමට යාමට තීරණය කිරීම. විශේෂයෙන් සෑම ගොවිජන සේවා බල ප්‍රදේශයකම  විශේෂයෙන් ඉහළ වෙළෙඳපොළ අතිරික්තයක් තියෙන සෑම දිස්ත්‍රික්කයක ම වී අලෙවි මණ්ඩලය විසින් නියෝජිතයන් පත් කරනු ලැබුවා සහතික මිලට ගමට ගොස් වී මිලදී ගෙන වී අලෙවි මණ්ඩලයට රැගෙන ඒමට, මෙම  ක්‍රමවේදය ඉතාමත් සාර්ථක වුණා.

මේ සියලු කාරණාත් එක්ක අවසාන ප්‍රතිඵලය තමයි වී අලෙවි මණ්ඩලයට වී  නොලැබීම. මොකද අපි පෞද්ගලික අංශය සමග ඔවුන් සිදු කරන්නා වූ ක්‍රියාදාමයන් ඔවුන් ගොවි ජනතාවට ලබාදෙන සියල්ල වී අලෙවි මණ්ඩලය රාජ්‍ය යාන්ත්‍රය මෙහෙයවමින්  රාජ්‍ය ආයතනයක් හැටියට මේ සියල්ල මේ මහ පොළොව තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා, මේ අද පවතින වී සදහා වන තරගකාරී වෙළෙඳපොළ පරිසරයෙන් නිර්මාණය කලේ අපි,  ඒක නිසා අද ගොවි ජනතාවට ඉතාමත් ඉහළ මිලක් ලැබෙනවා. ඉහත සියළු කාරණා නොවන්න, වී අලෙවි මණ්ඩලය රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක නොකරන්න අද වී ගොවියාගේ වී ටික ඉතා අඩු මිලකට පුද්ගලික මෝල් හිමියන් ගන්නවා,

ආර්ථික විද්‍යානුකූල න්‍යායට අනුව ඉහළ සැපයුමක් ලැබෙන අවස්ථාවේ දී මිල පහළ යාමක් තමයි සිදුවිය යුත්තේ, නමුත්අද ඉහළ අස්වැන්නක් ලැබීම සමග මිලත් අස්වනු සමයතුළ ඉහළ යනවා, මේ පරිසරය ඇතිවුනේ ඉහත කාලීන වශයෙන් ගැලපෙන විසදුම් අප ලබාදුන් නිසයි.   වී ගොවියාට තම අස්වනු තරගකාරී ලෙස විකුණන්න පුළුවන් පරිසරයක් ඇති කරානම් ඒ වෙළෙඳපොළ පරිසරය ඇති කළේ වී අලෙවි මණ්ඩලය   කියලා මම ඉතාමත් වගකීමෙන් කියනවා.

විශේෂයෙන් කිසිදු දේශපාලන මැදිහත්ව වීමකින් තොරව වෘත්තීමය පර්යේෂකයෙක් හැටියට මටත් මේ ක්ෂේත්‍රය  පිළිබඳ ප්‍රවීණයන් ලෙස  මගේ සභාපතිතුමාටත් අපිට මේ ගොවි ජනතාවට අවශ්‍ය සහන ලබාදෙමින් මේ රටේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් අපට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ නිදහස් පරිසරය ලබා දීල තිබුන, ඒක නිසා තමයි මම කිව්වේ අපිට ලබාදීලා තිබෙන්නා වූ වසර තුන තුළ  ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොතිබුණ තත්ත්වයට වී අලෙවි මණ්ඩලය රැගෙන එනවා කියන එක මම ඉතාමත් වගකීමෙන් කියනවා.

මේ සියලු ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වීම තුළ අවසාන වශයෙන් වී අලෙවි මණ්ඩලයට  වී නොලැබෙන්න  පුළුවන්. හැබැයි වී අලෙවි මණ්ඩලයට වී නොලැබුණා කියන්නේ වී අලෙවි මණ්ඩලයේ  අකාර්යක්ෂමතාව අසාර්ථක තත්වයක් නොවෙයි. අපි සාර්ථක වීම තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන්හි අවසන් ප්‍රතිඵලය තමයි ගොවි ජනතාවට ඉතාමත් ඉහළ මිලකට  තම අස්වනු අලෙවි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, අපි  නිර්මාණය කළ පරිසරය නිසා තමයි   රජය නිකුත්කළ රුපියල් 50 සහතික මිලට ඉක්මවා රුපියල් 55  වී  පෞද්ගලික මෝල්  හිමියෙක් ලබා ගන්නවා නම් අපේ අරමුණ මම විශ්වාස කරන්නේ  ඉටුවෙලා තියෙන්නෙ අපි රුපියල් 60ට ගන්න  අවශ්‍ය නැහැ.  එවැනි තරඟකාරී පරිසරයක් අතිකරල   රජයක් හඹාගොස් මිලදී ගැනීම නොකළ යුතුයි, මන් ද  ඒ තුළ ආර්ථිකයේ  වී  සහ සහල්  මිල දෙකම ඉහළ යන නිසායි.

අපි ගොවි ජනතාවට ප්‍රමාණවත් මිලක් ලබා දීලා අපි අවශ්‍ය ඕනෑම වී තොගයක් මිලදී ගැනීම්ට සූදානම් ව සිටීම පමණයි අවශ්‍ය වෙන්නේ,අද අස්වනු ලැබෙන ප්‍රදේශවල දින 07 ම ගබඩා විවෘත්තව පවතිනව.  අපි අද වෙනකොට  කරලා තියෙන්නේ මේ ගැලපෙන විදිහට ඒ වෙනස්කම් කරපු එක, ඒක  නිසා වී අලෙවි මණ්ඩලය මතුපිටින් පෙනෙන වී මිලදී ගැනීමේදී  මිලදී ගනුලබන තොගයෙන්  කවදාවත්ම මේ ආයතනයේ කාර්යක්ෂමතාවය  මනින්න බෑ කෙනෙකුට.

මේ රටේ ඉතිහාසය වසර ගණනාවකට පසු ඉහළම වී අසන්නට ලැබුණු එනම් වී මෙ.ටො.  ලක්ෂ තිස් දෙකකට ආසන්න ප්‍රමාණයක් ලැබුන 2020/21මහ කන්නය තුළ  කිසිම අලෙවි ගැටලුවක් ඇති වුණේ නැහැ ඉතිහාසයේ ඉහළම  යල කන්නයක් වුන  මෙම යල  කන්නය තුළ ද  වී මෙ.ටො. ලක්ෂ විස්සක අස්වැන්නක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනය කරලා තියෙනවා.

මා ඉතා වගකීමෙන් කියනවා මෙම කන්නය තුළ ද කිසිම අලෙවි  ගැටලුවක් ගොවියකුට ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ අවශ්‍ය වුනොත් ගොවීන්ගේ  ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ සූදානම පමණක් ප්‍රමාණවත් විවෘත වෙළඳපළ තුළ දී මිල ස්ථාවරව ඉහළ අගයක  පවත්වා ගැනීමට, අපේ අරමුණ එක තමයි. ඒක නිසා වී අලෙවි මණ්ඩලයේ මේ අවස්ථාවේ  අසාර්ථක තත්ත්වයක පැවතුණා කියනවනම් ඉහත කාරණා සියල්ල අධ්‍යයනය  කරලා ඒක  තීරණය කරන්න පුළුවන්.

මේ වී අලෙවි  මණ්ඩලය ක්‍රියාකාරී ආයතනයක් ද එහෙම නැත්නම් අක්‍රීය තත්වය පවතින ආයතන ද කියන එක මේ ඉහත කරුණු මත ඔබතුමන්ලාට ම විනිශ්චය කරන්න මම ඉඩ දෙනවා. දැනට වසරකට අධික කාලයක සිට පවතින කොවිඩ් අර්බුදය, ඉහළ නිළධාරීන්ගේ සේවය අත්හිටවල තියෙන අවස්ථාවක  ප්‍රධාන තනතුරු රැසක් නැතිව වැනි  අභියෝග රැසක් මැද තමයි මේ තත්වය ඇතිකරගන්න පුළුවන් වුණේ.

ඒ වගේම තමයි ඉතිහාසයේ පසුගිය කාලසීමාව තුළ මේ මිලදීගත්  වී වලට මොකද වෙලා තිබෙන්නේ, මෝල්  හිමියන්ට මේ වී ලබාදෙමින් කිසිදු සහල් ඇටයක් නොගත්තු අවස්ථාත් තිබුණා වී  පරණ තත්ත්වයට පත් කරලා සත්වආහාර ලෙස  ලබාදුන් ජාවාරම්කාර තත්ත්වයන්තමයි තිබුණේ. මේ සියල්ලට අපි තිත තියලා තිබෙන්නේ, මම ඉතා වගකීමෙන් කියනවා අපි ගත්තු වී සියල්ල ඉතාමත් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව  බැංකු ඇපකරයන් ලබාගෙන සහල්කර අලෙවි කරල තියෙන්නේ.  එම සහල් සතොස, සමූපාකාර සහ සුපිරි වෙළෙඳසැල්  හරහා මේ රටේ උපරිම සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි පරිදි වී සහල් කර ලබා දෙනදෙන්න අපිට හැකියාව ලැබුණා, විශේෂයෙන් සඳහන් කරන්න ඕන වී සහල් කිරීමේදී අපි දන්නවා පසුගිය කාලයේ   අසාදු ලේඛන වෙච්ච මෝල් හිමියන් හිටියා.

අපෙන් වී ලබාගෙන සහල් නොදුන්න මෝල් හිමියන් හිටියා, ඒ වගේම අපිට කිසියම් ආකාරයක සෑහීමට පත්විය නොහැකි වංචා කළ අය.  විශේෂයෙන් සෑම මෝල් හිමියකු ඔවුන් බැංකු ඇපකරයක් අපිට ලබා දීලා තමයි මේ වී කොටන්න  ලබාගන්න ඕන. එසේ නොමැති කිසිවෙකුට ලබා දුන් නෑ මොකද රුපියල් 50ට ගත්තු වී කිලෝවකට රුපියල් 65ක බැංකු ඇපකරයක් අරගෙන තමයි අපි මේ සහල් කිරීමට ලබා දුන්නේ අපිට සහල් නොලැබුණත් ගැටලුවක් නෑ රුපියල් 65ක බැංකු ඇපකරය මුදල් කරගන්න පුළුවන්. නමුත්  කිසිදු පුද්ගලයෙක්ගෙන් එවැනි බැංකු ඇපකරය ලබා ගැනීමට අවශ්‍යතාවයක් වුණේ නැහැ. සියලු දෙනා ඉතාම විධිමත්ව නියමිත වේලාවට සහල් ලබාදීමට කටයුතු කළා.

ඒ වගේම බැංකු ඇපකර තියන්න බැරි පුද්ගලයන්ට කලින් ඔවුන්ගෙන් නිසි පරිදි සහල් ලබාගෙන ඒ සඳහා අවශ්‍ය වී ලබාදෙන්න කටයුතු කලා, ඒකත් ඉතාමත් සාර්ථක වුණා ඒක නිසා මම ඉතා වගකීමෙන් කියනවා ගොවි ජනතාව ආරක්ෂා කරගන්න ඉතාමත් කාර්යක්ෂම වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරපු ජාතික මට්ටමේ ආයතනයක් බවට වී අලෙවි මණ්ඩලය  පත් කරන්න අපිට හැකිවෙලා තිබෙනවා.

ඒ වගේම ගොවි ජනතාව ආරක්ෂා කලා වගේම පාරිභෝගිකයා ආරක්ෂා කරමින්  රජය මගින් වී මිලදී ගැනීම සඳහා වාණිජ බැංකු දෙකක් හරහා ලබාදෙන ඔඩපන ණය මුදල නිසිපරිදි බැංකුවට ලබාදීමට අපිට හැකිව වෙලා තිබෙනවා, ඉතිහාසය තුළ වී අලෙවි මණ්ඩලය බිලියන ගණනාවක නොගෙවූ ණය මුදල් තිබෙන ආයතනයක්. හැබැයි අපි මේ තනතුරුවල කටයුතු කරන්න ගත්තට පස්සේ අපි ලබා ගනු ලබන වී සහ  සහල් වලටත් වගකියන්න අපි බැඳිලා සිටිනවා.

ඒක නිසා මේ ක්‍රියාදාමයන්  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ තමයි සිදු වෙන්නේ, ඒක නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමන් විසින් අපට ලබා දීල තිබෙන මේ වසර තුනක කෙටි කාලසීමාව තුළවී අලෙවි මණ්ඩලය තිබුන තැනත් පවතින තැනත් දෙක බලලා සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් අපිට ඇති කරගන්න පුලුවන් වෙයි කියලා. අද වෙනකොටත් ඒ තත්ත්වය ඇති කරලා තිබෙනවා.

  • විශේෂයෙන් සඳහන් කරන්න පසුගිය කාලසීමාව තුළ මේ ආයතනය තිබුණ තත්ත්වය ගැන පැහැදිලි කළ හැකිද ?

අපි කෙටියෙන් සඳහන් කළොත් මෙතන වී මිලදී ගෙනත් නෑ, සහල් අලෙවි කරලත් නෑ. හැබැයි අති විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරපු ආයතනයක්.  නමුත් වර්තමානය වෙනකොට  මමත් මගේ  සභාපතිතුමාත් වී අලෙවි මණ්ඩලයේ  කිසිදු නිල වාහනයක්,  නිල නිවාසයක්, වැටුපක් කිසිදු ආකාරයක එවැනි අතිරේක දීමනාවන් ලබාගන්නෙ නැහැ.  එහෙම  තමයි මේ කාර්යය කරන්න කියන එකත් පැහැදිලි කරන්න ඕන. සභාපතිතුමන් ඔහුගේ පුද්ගලික ධනය විශාල ලෙස මේ ආයතනයට වියදම් කරනවා්‍ විශේෂනේ සේවක සුභසාධනය ගබඩා අළුත්වැඩියා කිරීම්,  ඒ වගේම ඔහුගේම තාක්ෂණයෙන් ඔහුගේ මුදලින්  කුඩා වී වියලීමේ ඒකකයක් ගබඩා තුළ ඇතිකරමින් යනවා.

ඒ වගේම මමත්  වෘත්තිමය පර්යේෂකයෙක් හැටියට  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කාෂි ව්‍යාපාර අංශයේ හිටපු අංශ ප්‍රධානී, එම ආයතනයේ  හිටපු වැඩබලන අධ්‍යක්ෂකවරයෙක්  වගේම  වසර විස්සකට ආසන්න කාලයක් වෘත්තිමය පර්යේෂකයෙක් හැටියට පර්යේෂණ ගණනාවක් මේ ක්ෂේත්‍රයට අදාළව සිදු කරලා තමයි අද මේ තැන් නිවැරදිව කරන්න මට අවස්ථාව ලැබිලා තියෙන්නේ.

මගේ සභාපතිතුමා ජටල් මාන්නප්පෙරුම,  මේ වෘත්තීය මේ ක්ෂේත්‍රය පිළිබඳ ඇමරිකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක සේවය කළ ඉතාමත් දක්ෂ ජේෂ්ඨ  මහාචාර්යවරයෙක්.  මේ වී අලෙවි  මණ්ඩලය ආරම්භයේ සිට හිටපු දක්ෂ  නිලධාරියෙක්, ඒක නිසා අපිට මේ තැන රටට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න බැරි වුණොත් මං විශ්වාස කරනව ඉදිරියේදී වෙනත් කෙනෙකුට මේක නිවැරදි කරගන්න නොහැකි වෙයි කියලා.

ඒක නිසා අපිට ලබාදීල  තිබෙන කාලසීමාව තුළ මෙම ආයතනය ඉතාමත් ඉහල මට්ටමේ කීර්තිමත් ආයතනයක් වගේම  මේ ආයතනය රටට නැතිව බැරි  වී වගා  කරන ගොවි ජනතාවටත් පාරිභෝගික ජනතාවටත්  අත්‍යවශ්‍යම ආයතනයක් බවට පත් කරලා තමයි අපි මේ ආයතනය නැවතත් බාර දෙන්න කියන එක ඉතාමත්  සතුටින් කියන්න කැමතියි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පෙන්වපු කරුණු අද ගොවිබිමට ගිහිල්ලා තියෙන්නේ, අපගේ නව දැක්මත් සමග අද පෞද්ගලික මෝල් හිමියන්ට වී ජාවාකරුවන්ට වී අලෙවි මණ්ඩලය අභියෝගයක් වෙලා තියෙන්නෙ කිවිවොත් නිවැරදියි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආයතනය වී වලට පමණක් සීමා නොවුනු බඩඉරිගු, උදු, රටකජු, මුං ඇට, කවිපි …. වැනි ධාන්‍ය මිලද ගැනීමේ ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රනය මේ හරහා ත්‍රියාත්මක කරන්න. ඒකට අවශ්‍ය  සියළු ගබඩා ශක්තීන්, තාක්ෂණය අප සතුව තියෙනවා.

වී අලෙවියට පමණක් සීමානොවී ධාන්‍ය මිලදී ගැනීමේ සහ අලෙවි කිරීමේ ආයතනයක් හැටියටත් වී අලෙවි මණ්ඩලය ඇතිකරන්නත් සූදානමක් අපසතුව තියෙනවා. එවිට එක් භෝගයකට සීමා වී තිබුණ මෙම ආයතනයට අනෙකුත් භෝගයන්ගේ අලෙවි ගැටලුවලටත් විසදුම් ලබා දෙන්න පුළුවන් ආයතනයක් වේවි..

Related Posts