විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක්

Spread the love

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවත් භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවයි අග්‍රමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related Posts