විරෝධතා මර්දනයට හදිසි නීතිය නැවත නැවත භාවිතය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි

Spread the love

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා.

පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු වරට හදිසි නීතිය ප්‍රකාශය පත් කළ බවත්, ජුලි 15 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමෙන් පසු ජුලි මස 17 වනදි න යළිත් වරක් හදිසි නීතිය පැනවූ බවත් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පෙන්වා දෙනවා.

එසේම ජුලි මස 27 වන දින පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින් එය තවත් මසකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාවට කටයුතු කර ඇති බවද මානව හිමිකම් කවුන්සලය සඳහන් කරනවා.

මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සිය කනස්සල්ල පළ කළ බවත්, සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝණය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග හෙළා දකින බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

RSL

Related Posts