විදේශ ඇමති ජී.එල් සහ ඉන්දීය විදේශ ඇමති අතර සාකච්ඡා

Spread the love

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (7) දිල්ලි නුවරවිදේශ කටයුතු අමාත්‍යාංශයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය  ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවිය.

මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව පුළුල් පරාසයක කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළහ. විදේශ අමාත්‍ය පීරිස් මහතා සමග ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ දිල්ලි නුවර ශ්‍රී ලංකාමහ කොමසාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්බග්ලේ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

Related Posts