වැඩි මිලට සහල් අලෙවි කළොත් 100,000ක් දඩ

Spread the love

වැඩිමිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට දඬය පෙර පැවති රුපියල් 2500ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කළ බවත්, ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යෑම සඳහා ණයවර ලිපි නිකුත් කළ බවත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“සැඟවූ තොග එළියට – සහල් මිල ස්ථාවරව තබාගැනීමේ නවතම ක්‍රියාමාර්ග” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවක දී  අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් වැඩිමිළට සහල් විකුණන පිරිස මෙන්ම අනවසර සහල් ගබඩා වැටලීමේ කටයුතු සිදු කරමින් සිටින බවත්, ඒ අනුව වී කිලෝ ලක්ෂ 40කට අධික වී සඟවා ගෙන සිටි ගබඩා 06ක් මුද්‍රා තැබූ බවත්, ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

අංක 1998 යටතේ සතොස වෙළඳපොලෙන් සාමාන්‍ය මිළට වඩා අඩු මිළට භාණ්ඩ වර්ග 20ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව ද ඒ අනුව සහල්, පිටි, සීනි, පරිප්පු, හාල්මැස්සන්, යනාදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ස්වයං නිරෝධායනය වන අයට මෙන්ම වෙළඳපොළට නොපැමිණෙන අයට මෙම සේවාව නොමිලේ ලබා දෙයි. සතොස වෙළඳසල් අත්‍යවශ්‍ය සේවා කරමින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රය සමඟ සතොස වෙළඳසල් විවෘතව තැබේ. මෙම අංකයට අමතරව සහල් වැඩි මිළට අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් වාර්තා කිරීමට පාරිභෝගික අධිකාරියේ 1977 අංකය යටතේ දැනුම් දීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Related Posts