ලෝකයේ උසම ගස ලැව්ගිනි වලට බිලිවෙයිද ?

Spread the love

2021 අගෝස්තු මාසයේදී සෙක්වෝයා ජාතික වනාන්තරයේ ගින්නක් හට ගත්තේය. දැන් එම ප්‍රදේශයේ ඇති වන ලැව්ගිනි හේතුවෙන් ප්‍රාන්තයේ සීකුවියා ගස් තර්ජනයට ලක්ව ඇත.

කැලිෆෝනියාවේ ලෝක ප්‍රසිද්ධ සෙක්වෝයා ජාතික වනෝද්‍යානය හරහා දැවැන්ත ලැව් ගින්නක් පැතිර යන බැවින් ගිනි නිවන භටයින් පැරණි ගස් වටා ඇති ගිනි ප්‍රතිරෝධී බ්ලැන්කට් ඔතා ඇත.

තවත් පැය කිහිපයකින් ලොව විශාලතම ගස් සමූහය පිහිටි යෝධ වනාන්තරය වෙත ලැව් ගින්න පැමිණෙනු ඇතැයි නිලධාරීහු බිය වෙති.

මෙම වනාන්තරය අඩි 275ක් උසැති ජෙනරාල් ෂර්මන්  General Sherman නම් ගස ද ඇතුළුව පෘථිවියේ විශාලතම වෘක්‍ෂය සහ වසර 2,500 ක් පමණ පැරණි සීකුවියා sequoias ගස් 2,000කට පමණ වාස භූමිය වී ඇත.

සතියක් තිස්සේ ලැව් ගිනි වැඩි වෙමින් පවතී.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 350 කට අධික සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් යානා සහ ජලය ඉසින ගුවන් යානා ද යොදවා තිබේ.

ලැව් ගිනිවලින් ආරක්ෂා කිරීම සඳහා ඇලුමිනියම් තීරු වලින් ජෙනරාල් ෂර්මන් ඇතුළු ගස් කිහිපයක් ඔතා ඇත.

“බොහෝ මිනිසුන්ට එය ඉතා වැදගත් ප්‍රදේශයක්, එබැවින් මෙම වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා විශේෂ උත්සාහයක් දරමින් සිටී” යනුවෙන් සීකොයා සහ කිංග්ස් කැනියන් ජාතික වනෝද්‍යාන ප්‍රකාශිකා රෙබෙකා පැටර්සන් පැවසුවාය.

‘ජෙනරාල් ෂර්මන්‘ යනු පෘථිවියේ දැනට තිබෙන විශාලතම හා වැඩෙමින් පවතින තනි ගස වන අතර එය වසර 2,300 සිට 2700 පමණ පැරණි යැයි ගණන් බලා ඇත.

ප්‍රවීණයන් පවසන්නේ සීකුවියා ගස් ඉතා ගිනි ප්‍රතිරෝධී වන අතර ඒවා ගින්නෙන් දිවි රැක ගැනීමට පරිණාමය වී ඇති බවයි.

අකුණු සැර වැදීමෙන්, සියෙරා නෙවාඩා හි රළු පඳුරු භූමිය හරහා ලැව් ගිනි වර්ධනය වෙමින් පවතී.

කැලිෆෝනියාවේ ලැව් ගිනි දිගු ගිම්හානයේ අළුත්ම අවස්ථාව මෙයයි.

2021 වසරේදී හටගත් ලැව්ගිනි 7400කට ආසන්න ප්‍රමාණයක් හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර මිලියන 2.2 කට අධික ප්‍රමාණයක් දැවී ගොස් ඇත.

අධික උෂ්ණත්වය සහ අධික නියඟය හේතුවෙන් ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතී.

දේශගුණික විපර්යාස හේතුවෙන් ලැව් ගිනි ඇතිවීමට ඉඩ ඇති උණුසුම්, වියලි කාලගුණයේ අවදානම වැඩි කරයි.

කැලිෆෝනියාවෙන් මෙතෙක් වාර්තා වූ දෙවැනි විශාලතම ලැව් ගින්න වන  ‘ඩික්සි ගින්න‘ මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබේ.

බී.බී.සී

Related Posts