ලොව විශාලතම නිල් මැණික් පොකුර සඳහා වන ‘ගිනස් වාර්තාව‘ ශ්‍රී ලංකාවට

Spread the love

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 503.2ක් බරැති නිල් මැණික් පොකුර අද (23) ලොව විශාලතම නිල් මැණික් තොගය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

ලොව විශාලතම නිල් මැණික් සඳහා සහතික පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ගිනස් ලෝක වාර්තාවේ විනිසුරු තිලක් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.

උත්සවය අමතමින් සභාපතිවරයා කියා සිටියේ ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab මගින් තරු නිල් මැණික් පොකුරක් ලෙස සහතික කිරීමෙන් පසු මෙම පොකුර ගිනස් පොතේ ලියාපදිංචි වූ බවයි. මෙම මැණික් ගල කොරොනන්ඩම් ගණයට අයත් එකක් බවත් එහි වටිනාකම රුපියල් කෝටියකට අධික බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයේ නිවසක ළිඳක් හාරමින් සිටි කම්කරුවන් විසින් මෙම තරු නිල් මැණික් පොකුර සොයා ගන්නා ලදී. මෙම නිල් මැණික් පොකුර වෙන්දේසියකට හෝ කෞතුකාගාරයකට දැමීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කරමින් සිටී.

මේ අතර, ගිනස් ලෝක වාර්තා විනිශ්චයකරු පැවසුවේ, ලොව ප්‍රථම වරට සිදු කරන ලද විශාලතම නිල් මැණික් තොගය සඳහා වන නව ගිනස් ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.

Related Posts