ලිට්‍රෝ ගෑස් සැපයුම සිලින්ඩර 100,000 සිට 40,000 දක්වා කප්පාදු කරලා

Spread the love

රජයට අයත් ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩර සැපයුම සියයට 60%කින් පසු පහළ දමා ඇතැයි එම සමාගමේ ප්‍රකාශකයෙක් අද (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර සැපයුම 100,000 සිට 40,000ක් පහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල ගෑස් හිගයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළා. ‘‘ප්‍රමිතය පිළිබඳව මතුවූ ගැටලුවත් සමඟ නිෂ්පාදන ධාරිතාව අඩකින් පමණ අඩු කිරීමට සිදුවෙලා තිබෙනවා. ඒ අනුව මීට පෙර දෛනිකව නිකුත් කළ කිලෝ 12.5ක් වන ගෘහස්තු ගෑස් සිලින්ඩර සැපයුම 100,000 සිට 40,000 දක්වා පහළ ගොස් තිබෙනවා. පැරණි ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායෙන් ගෑස් ඉවත් කිරීමට විශාල කාලයක් ගතවීම නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වීමට හේතුවයි. පැරණි ගෑස් ඉවත් කිරීම සඳහා අලුතින් උපකරණ ආනයනය කිරීමට පියවර ගැනීමට සිදුව තිබෙනවා.

මේ තත්ත්වය තුළ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ කිලෝ 12.5 ගෑස් සැපයුම ගැනයි. ඒ නිසා කිලෝ 5 සහ කිලෝ 2.3 සිලින්ඩරවලට ගෑස් පිරවීම ඉතාමත් අඩුවෙන් තමයි සිදුවන්නේ. ඒ නිසා කුඩා ප්‍රමාණයේ සිලින්ඩරවල හිඟය තවත් සති කිහිපයක් පවතීවි‘‘

Related Posts