රිදියගම සෆාරි උද්‍යානයේ සංවිධානාත්මක සත්ව ඝාතනයක්

Spread the love

හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ නරඹන්නන් පිනවීම පිණිස රඳවා ඇති සතුන් සහ ඊට යාබද වනාන්තර කොටසේ සිට පැමිණෙන වන සතුන් සත්වෝද්‍යාන සේවකයින් පිරිසක් විසින් විවිධ ක්‍රම මගින් මස් පිණිස ඝාතනය කරන බවට දැනගන්නට ලැබී ඇති බව ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය සංවිධාන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

මෙසේ ඝාතනය කෙරෙන සතුන් ප්‍රදේශයේ විවිධ හෝටල් සහ බලවත් පුද්ගලයින්ගේ පරිභෝජනය සඳහා යොමුකරන බවත් මේ හරහා රිදියගම සෆාරි උද්‍යානයේ සත්වෝද්‍යාන සේවකයින් කිහිපදෙනෙක් මුදල් උපයන බවත් මේ වන විට මෙම ආයතනය අවට ජනතාව අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බව මෙම සංවිධානය පවසයි. තවද මේ දක්වා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හෝ රිදියගම සෆාරි උද්‍යානයේ පාලනාධිකාරිය මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්වී ඇති බව මෙම සංවිධාය වැඩිදුරටත් පවසයි.

සත්වෝද්‍යානයක් වැනි සංවෘත්ත ප්‍රදේශයක් තුලට පිටස්තර පුද්ගලයින්ට පැමිණ මදු ඇටවීමට ඇති ඉඩ ඉතා සීමිත වන බැවින් අත්‍යාවශ්‍යයෙන්ම ඒ සඳහා රිදියගම සෆාරි උද්‍යානයේ සත්වෝද්‍යාන සේවකයින්ගේ සෘජු හෝ වක්‍ර සම්බන්දයක් තිබිය යුතු බවට මෙම සංගමය තරයේ ප්‍රකාශ කර සිටයි.

RSL

Related Posts