රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය කිරීමට කමිටුවක්

Spread the love

රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට ද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.

එසේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව මෙන්ම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති සේවකයින් සංඛ්‍යාව තුලනය කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වන්නේ.

Related Posts