රාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක්

Spread the love

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් හට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ජුනි මස 13 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට, ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබුණා.

ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Related Posts