රථවාහන වැරැදි දඩ ගෙවන අලුත් ක්‍රමයක්

Spread the love

රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි වන පරිදි නිති සම්පාදනය කිරීම සහ ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ්‍ය යොදා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡාවක් අද (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වි තිබේ.

මෙම නව ක්‍රමවේදය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අයුරින් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි. මෙය පළමුව, අධිවේගී මාර්ගයේ සිදුවන රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමටත් අනෙකුත් මාර්ග සඳහා පසුව සලකා බැලීමටත් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

Related Posts