‘රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ නොමිලේ සිදුකළ යුතුයි‘

Spread the love

රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කළ යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

මැදපෙරදිග රටවල් සදහා ශ්‍රමිකයන් යැවීමේදී සාමාන්‍ය PCR පරීක්ෂණයට අමතරව රැපිඩ් PCR පරීක්ෂණයක් අවශ්‍ය බව කියමින්, කොමිස් සදහා තමන්ට හිතෛෂී පෞද්ගලික  රසායනාගාරයක ට යොමු කිරීමට තීරණය කර ඇත. මෑතකදී වැරදි වාර්තා ලබා දෙන බැවින් චීනය විසින් තහනම් කළ මෙම රසායනාගාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින විශේශ ඇලම හේතුවෙන් ඩෙලටා ප්‍රභේදය රටතුළට  කාන්දුවීම පවා සොයා ගත නොහැකිවිය.

Rapid  PCR යණු කෙටිකාලීන ක්‍රමවේදයක් (Short Protocol) යටතේ සිදු කරන PCR වන ඇතර, ස්ථානීය PCR ලෙස අප වසරක් තිස්සේ ඉල්ලමින් සිටින්නේ ද ක්‍රමවේදයයි.   මේ වන විටත් රජයේ රසායනාගාර 16ක පමණ Rapid PCR පරීක්ෂණ සිදු කරමින් පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ චන්ද දායකයින් සිටින ඇඹිලිපිටිය එම ක්‍රමය ක්‍රියත්මක වන නමුත්, එම යන්ත්‍ර සියල්ල ලබාගෙන ඇත්තේ, පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් ය.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනූව මෙම යන්ත්‍ර 30ක් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන අනුමත වූ අතර, යන්ත්‍ර 14ක් සදහා ජුනි මාසයේ අවසන් කළ ටෙන්ඩරයට මාස දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවහිර කර ඇත. තමන්ට හිතෛෂී සමාගම සදහා අවස්ථාව සැලසීම සදහා උපක්‍රමිකව මෙම ප්‍රමාදය සිදු වන අතර රජයේ රෝහල් වල Rapid PCR නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය  නිවේදනය කරන්නේ ඒ අතර වාරයේය.

තමන්ට කොමිස් ලැබෙන පෞද්ගලික රෝහලකට රටවිරුවන් යොමුකරමින් ඔවුන්ව ගසා කෑමකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ඇති  රසායනාගාරයේ එම පරීක්ෂණ සිදු කිරීමට උපරිම හැකියාවක් තිබිය දී ය.

පෞද්ගලික රසායනාගාර පොහොසත් කර කොමිස් ලබා ගැනීම සදහා එක් පසෙකිනුත්, වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් මිලදී ගත හැකි Rapid PCR   ගජමිතුරන්ගේ වාසිය සඳහා මාස ගනන් ටෙන්ඩර මණ්ඩල සදහා තීරණ ලබා නොදෙමින් තවත් පසෙකිනුත් කටයුතු කරමින් සිටින ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන්, තවදුරටත් කොවිඩ් පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා බැරෑරුම් ගැටලුවකට ලක් වී ඇත.

මෙම ගැටලු විසදා ගැනීම සදහා අප විසින් පහත සදහන් යෝජනා ඉදිරිපත් කරමු.

  • ️රට විරුවන්ගේ පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කළ යුතුය.
  • අවම වශයෙන් වියදම පමණක් ලබා ගනිමින් ඔවුන්ට ඒ කාර්යය සිදු කර  දෙනවා වෙනුවට, පෞද්ගලික රෝහල් රසායනාගාර වලට මුදල් කන්දරාවක් වැය කිරීමට වහා නතර කළ යුතුය.
  •  එසේම වෙන්කර ඇති  ප්‍රතිපාදන වලින් Rapid OCR යන්ත්‍ර ලබා නොදෙමින් රට තුළ මරණ අනුපාත ඉහළ දමමින් හා රැකියා ලාභීන්ට තිබෙන අවස්ථා ලබා නොදෙමින් තම තමන්ගේ පෞද්ගලික හිතෛෂීන්ගේ කොම්පැනි වලට ලබාදීම සඳහා ප්‍රතිපත්ති තීරණ අයථා හා අනීතිකව භාවිත කිරීමේ ක්‍රමය වහා නිවැරදි කළ යුතුය.

Related Posts