රජයේ නිලධාරීන්ගේ අල්ලස් දූෂණ දැනුම් දීමට දුරකථන අංකයක්

Spread the love

රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි 1905 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධව දැනුම් දීමට හැකියාව තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතන වල සිදුවන අල්ලස් හා දූෂණ අක්‍රමිකතාවයන් මෙම දුරකථන අංකයට දැනුම් දීමට හැකියාව තිබෙනවා.

Related Posts