යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්

Spread the love

අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගය පැතිරීම පාලනය කිරීම සඳහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව සඳහන් කළ යුධ හමුදාපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේදී කෘෂිකර්ම සහ අපනයන යන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ලබාදී ඇති අවසරය තවදුරටත් එලෙසම පවතින බව ද පැවසුවේය.

Related Posts