මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

Spread the love

පාර්ලිමේන්තුවේදී අද (07) විවාදයට ගැනුණු මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ‍ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර මේ අනුව ඊට පක්ෂව ඡන්ද 134 ක්ද විපක්ෂව ඡන්ද 44 ක්ද හිමිවිය.

මේ අතර අද විවාදයට ගැනුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මේ අතර අද දින විවාදයට ගත් අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයක්, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් සදහාද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

Related Posts