‘මැර දේශපාලනය එළිදක්වන්නේ ජනතාව බය ගන්වන්න’

Spread the love

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින රාජගිරිය රිය අනතුරු නඩුව අද (03) අධිකරණයේ දී විභාගයට ගැනිණ. එහිදී අදහස් දැක්වූ නීතීඥ රජික කොඩිතුවක්කු මහතා;

“අද අංක 3 මහාධිකරණයේ HE 1825 කියන නඩුව තිබ්බා. අද ඒ නඩුව තියෙන ප්‍රධාන හේතුව තමයි මීට ඉස්සෙල්ලා අපි මූලික විරෝධතාවයක් ගත්තා මේ එකම පැමිණිල්ලක් සම්බන්ධයෙන්, නැත්නම් එකම සිද්ධියකට අදාළ වූ නඩු දෙකක් පවරන්න බැහැ කියලා. අපේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතුන් විසින් ගන්නා ලද මූලික විරෝධතාවය සම්බන්ධයෙන් අද නියෝගය තිබුණා. ඒ නියෝගයේදී මහාධිකරණ විනිසුරුතුමා පැහැදිලිව දන්වා සිටියා මේ විරෝධය සම්බන්ධයෙන් එතුමා සෘජු ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් නොකරන බව. ඒ වගේම විවෘත අධිකරණයේ එතුමා ප්‍රකාශ කර සිටියා මේ සම්බන්ධයෙන් වූ කරුණු මේ විරෝධතාවයේ අපි විසින් ලේඛන ගත කරලා තිබෙන එංගලන්තයේ නඩු තීන්දු, ඉන්දියානු නඩු තීන්දු, ඒ වගේම අපේ රටේ තිබෙන නඩු තීන්දු සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී අවශ්‍ය උචිත ස්ථානයේදී එතුමා ඒවා පරිශීලනය කරන බවත් ඒ සම්බන්ධයෙන් වූ නියෝගයන් ලබාදෙන බවත්. ඒ නිසා අද දින මේ නියෝගය සම්බන්ධයෙන් එතුමා පැහැදිලි තීන්දුවක් ලබාදීමක් සිදු නොකර ඒ නියෝගය ඉදිරියේදී අආදේශ කරගන්න, නැත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පරිශීලනයක් කිරීම සඳහා ඉඩ තබා ගනිමින්, ඉදිරි 6/27 දිනට, නැවත සාක්ෂි විමසීම සහ අධි චෝදනා පත්‍රය කියවා දීම සඳහා දින නියම කරනු ලැබුවා. ඒ අනුව ඉදිරියේදී නඩු විභාගය ආරම්භ කරනු ලබයි. හැබැයි අපි අර මූලිකව ගත්තා වූ විරෝධතාව. ඒ අයුරින්ම තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් අදාළ කර ගැනීමකින් යුතුව.”

එහිදී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“මේ දැන් සිදු කරන්නේ, තමන් බලයෙන් පහ වෙයි කියන බයට සිදුකරගෙන යන ක්‍රියා ඒ කියන්නේ ඉතා කඩිනමින් නිදොස් කොට නිදහස් වෙන්නෙත්, තමන්ගේ විරුද්ධවාදීන්ට පුළුවන් තරම් නඩු පවරන්න කටයුතු යොදන්නෙත්, ඒ වගේම දුටු දුටු තැන තමන්ගේ පාදඩ, මැර දේශපාලනය එළිදක්වන්නේ ජනතාව බය ගන්වන්න. විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දීමේත්, ජනතා විමුක්ති පෙරමුණට පහරදීමේත් තියෙන්නේ ඒකයි. ඉතින් ප්‍රශ්නෙ මේවායේදී මේ ජනතාව බිය වද්දන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් ඒක ලොකු මායාවක්. ජනතාව මේවයින් බිය වැදෙන්නේ නැහැ.”

ජනතාවට අද පැනඩෝල් පෙත්තක්වත් නොමැත. ඇන්ටිජන් කට්ටල නොමැත. ඖෂධ අසූවක පමණ හිඟයක් පවතී. කිරිපිටි නැත. පාන්පිටි හිඟයක් පවතී. සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් තිබේ. ගොවියන් අනාථ වෙලා වී සිටින්නේ ඊළඟ යල කන්නය මාස දෙකකින් පටන් ගනිද්දී පොහොර, බීජ, රසායන ද්‍රව්‍ය නොමැතිවය. ලෝක වෙළෙඳපොලේ තෙල් ප්‍රශ්නයක් නොමැතිවම ඉන්ධන මිල යළි ඉහළ දැමීමේ උත්සාහයක් පවති. නොදන්වා විදුලිය කප්පාදු කිරීම අඛණ්ඩව සිදු කරගෙන යමින් පවතී.

“එහෙම රටක මැර බලයෙන් ප්‍රශ්න විසඳන්න හිතනවා නම් ජනතාවගේ වෛරයට, කෝපයට තවදුරටත් ආණ්ඩුව ලක්වීම තමයි සිද්ධ වෙන්නේ. මේ ඇවිල්ලා හංස ගීතය. ඒ කියන්නේ අවසාන ගීතය තමයි මේ ගායනා කරමින් ඉන්නේ ආණ්ඩුව.”

අරුන්දික ප්‍රනාන්දු ඇමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එහෙත් අරුන්දිකට කියන දේ ඇවන්ගාර්ඩ් සභාපතිවරයාට කීමට ජනාධිපතිවරයාට නොහැකි මන්දැයි රණවක මහතා ප්‍රශ්න කළේය,

“දැන් මේ අමාත්‍යවරුන්ට චෝදනාවක් තියෙනවා උන්ඩියල් ක්‍රමයකට ලංකාවට සල්ලි සපයනවා කියලා. ඇත්තටම මේ මුදල් ඇමතිවරයෙක් හිතන්නවත් හොඳ නැති ක්‍රියාවලියක් එතුමාට මොළ හතක් තියෙනවයි කියලා කියවුනා. හැබැයි මොළේ කලඳක්වත් නැති බව තමයි මේ ප්‍රකාශයෙන් තේරෙන්නේ. ඇත්තටම උන්ඩියල් හවාලා වගේ ක්‍රියාදාමයන් මූල්‍ය වෙළෙඳපොළේ ඇති වුණේ, ක්‍රියාත්මක වුණේ ඩොලරය රුපියල් 203 හිර කරලා තබා ගැනීම නිසා. ඒ නිසා විදේශගත අපේ ශ්‍රමිකයන් වෙනත් මාර්ග වලින් රටට සල්ලි එවන්න පටන් ගත්තා. ඒකෙන් ලංකාවට ලැබෙන්න තිබිච්ච ඩොලර් ටික නැති වුණා. ඉතින් ඇත්තටම මුදල් ඇමතිවරයා කරන්න ඕනේ ඩොලරයට නිසි අගයක් ලබා දීලා අපනයන වලින්, ඒ වගේම සම්ප්‍රේෂණ වලින්, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලබාගන්න කටයුතු කරන එක මිසක් මේ හොර සල්ලි ලංකාවට ගේන අයව උද්‍යෝගිමත් කිරීම නෙවෙයි. ඒ මගින් ඔහු නීති විරෝධී කටයුතු ගණනාවක්ම කුළු ගන්වනවා. ඉතින් එවැනි ඇමතිවරයෙක්ට තවදුරටත් මුදල් ඇමති ධූරයේ ඉන්න සුදුසුකමක් නම් නෑ.”

රංජන් රාමනායක මහතාට නිදහස් ලැබෙනු ඇතැයි ද රණවක මහතා විශ්වාසය පළ කළේය. රටේ පවතින නීතියකට අනුව ඔහුව සිරගත නොකළ අතර, අවුරුද්දකට අධික කාලයක් ඔහු සිරගතව සිටියේය. ඒ පිළිබඳව නව නීතියක් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් මාස 6 කට වැඩි කාලයක් ගත වී තිබේ. නමුත් අධිකරණ අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැත.

ජනතා විමුක්ති පෙරමුණට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් අතුරුදන් වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රණවක මහතා; “ඒක ඉතින් ස්වභාවිකයි. මොකද රටේ අද කුලී හමුදාවක් හැටියට ඇවන්ගාඩ් එක වැඩ කරගෙන යනවා. ඒකට දේශපාලන අනුග්‍රහය ජනාධිපති කාර්යාලයෙන් ඉහළම තැන්වලින් ලැබෙනවා. ඉතින් සැකකරුවෝ අතුරුදහන් වීම ප්‍රශ්නයක් නෙමෙයි. සුදු වෑන් නිර්මාතෘවරුනේ. ඉතින් ඒ නිසා සැකකරුවෝ අතුරුදහන් වීම ලොකු ගැටලුවක් හැටියට අපි දකින්නේ නෑ. රටේ නීතිය වල් වැදිලා, රටේ ප්‍රතිරූපය බිඳ වැටිලා, නීතිය හා යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමය ගැන රටේ ජනතාවත්, ලෝකයත් ඉතාමත් කළකිරීමෙන් රටට ඩොලර් හා ආයෝජන එන්නේ නැති තත්වය තුළ, මේ වගේ දේවල් වලින් වෙන්නේ, තවත්, මේ රට හුදෙකලා වීම පමණයි. වහාම අරුන්දික ප්‍රනාන්දුට විතරක් නෙවෙයි, ඇවන්ගාඩ් අධිපතිටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නොවේ නම්, ඒකෙන් පේන්නේ මොකක්ද, නීතිය රකින පොලිසියත් ඒ වගේම අගමැති, ජනාධිපති ඇතුළු අයත් මේ පහරදීම පිටිපස්සේ ඉන්නවා කියන සැකය ජනතාවට ඇතිවීම තමයි සිද්ධ වෙන්නේ

Related Posts