
දේශපාලන පක්ෂ සඳහා ලබා දී ඇති සංකේත ලැයිස්තුවෙන් සංකේත දෙකක් ඉවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම ලැයිස්තුවෙන් ඔටුන්න සහ ගොවි ලකුණ ඉවත් කර ඇත.
මේ වසරේ ජනවාරි 21 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අරමුණු සඳහා දේශපාලන පක්ෂ සඳහා ලබා දී ඇති සංකේත සහ දේශපාලන පක්ෂවලට ලබා දී නොමැති සංකේත ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන ලදී.